(නිමල කොඩිතුවක්කු)
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න මහතා අද(10)ලංකාදීපයට පැවසීය.
එක්ව තරඟ කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ සියලූම දෙනාම එකම ස්ථාවරයක සිට කටයුතු කළද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දුරදිග නොබලා කටයුතු කරන කිහිපදෙනකු හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවත් අමාත්‍යවරයා කීවේය.
ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් කනගාටුවට පත් වන බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී හෝ මෙම පිරිස පක්ෂය පිළිබඳ සිතා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් රට ගැන හිතමු. බලයට කෑදර වුණාම නැතිවෙන්නේ අපේ රට. පක්ෂ පාට නොබලා වැඩ කරන්න ඕන යුගයක් මේක.
චන්ද්‍ර මහත්මයාණෙනි, ඔබගේ අදහස් මමත් පිළිගනී. නමුත් අවාසනාවකට අපේ දේශපාලකයෝ ඉස්සෙල්ලම හිතන්නේ තමන්ගේ පසුමිබිය ගැනයි.. දෙවනුව හිතන්නේ තම පක්ෂය සහ බලය වර්ධනය කරගන්නේ කොහොමද කියලයි.. රට, ජාතිය, ආගම වැනි කරුණු කාරණා වැටෙන්නේ අන්තිමටයි.
හැමෝම පක්ෂය ගැන හිතන්න. රට ගැන හිතන්න කවුරුවත්ම නැතිද?
සිංහලයන් ඔක්කොම එකට එකතු වෙන්න ඕන කියනවා අනේ මන්ද, එකතු වෙන ඒකටත් කැමති නැතිව පතුරු ගැලවිලා යනවා. ඒ කරලා ආපසු වෙන් වෙන්න කියලා කෑගහනවා .. බලයට තියෙන ආසාවෙන් තමයි කෑගහන්නේ