ටෝනි කරුණානායක
ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බල පත්‍රයක් උපයෝගි කරගෙන කටුනායක ගුවන්තොටුපොලින් තුර්කිය හරහා නෙදර්ලන්තය බලා ගිය ගුවන් මගියෙකුව මෙරටට පිටුවහල් කර එවා ඇත.
එම මගියා කටුනායක ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අද (7) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරු රුපියල් 10000 මුදල් ඇපයක් හා ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය.
නමුත් ඇප කොන්දෙසි සපුරා ලීමට නොහැකි වීම හේතුවෙන් ඇප කොන්දෙසි සපුරාලන තෙක් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ඇත්තෙන්ම දුප්පතෙක්. මොහුව මුදා හැරීමට එයම ඇති. විමල්ලා වැනි අයට ලැබුන සහනය මොහුට ලබා දෙන්න බැරිද?
මෙවැනි වැඩ නිසා ලාංකිකයන්ව අනවශ්‍ය පරික්ෂා කිරීම් වලට ලක්වෙනවා. ඉස්සර අපේ විදේශ ගමන් බලපත්‍රයට හොඳ පිළිගැනීමක් තිබුණා. දැන් එ්ක බල්ලටම ගිහිල්ලයි තියෙන්නේ...