(එච්.එම්.ධර්මපාල)
 
නීති විරෝධී දුම්වැටි නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වූ0 පුද්ගලයින් පස් දෙනෙකු දුම්වැටි 720 ක් සමඟ රත්මලාන බොරුපන ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගත්බව අගුලාන පොලිසිය පැවසීය.

 
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකික් පසු ප්‍රධාන සැකකරු දුම්වැටි 400 ක් සමඟ බොරුපන එගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු දුම්වැටි 320 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පැවසීය.