ජුඩ් සමන්ත
ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය පවුල් දෙකක 08 දෙනෙකු සැඩ පහරකට අසුවී ගසා ගෙන ගොස් ඇති බවත්,ඔවුන් නාත්තණ්ඩියේ පදිංචිකරුවන් බවටත් පැතිර ගිය ආරංචියකින් සෙනසුරාදා (04) සවස නාත්තන්ඩිය
නගරයෙම එක් වර ගල් ගැසී ගියේය.
ජල පහරට හසුවී ගසා ගෙන ගිය දෙදෙනකු එම අවස්ථාවේදී බේරා ගෙන ඇති බවත්, හය දෙනෙකුගේ මල සිරුර හමුවී ඇති බවත් එහි අලුත්ම තත්ත්වයයි.
සිදුවී ඇත්තේ කුමක්ද යන්න සොයා ගැනීම සදහා අපි අද (05) නාත්තන්ඩිය - දේවල පාර ප්‍රදේශයට ගියෙමු.
මිය ගොස් ඇති කිංස්ලි රත්නායක මහතා අයිස්ක්‍රීම් ව්‍යාපාරිකයෙකි. ලග්ගල - තෙල්ගමුව ඔය ආසන්නයේ අවන්හලක් ඉදිකිරීමට කිංස්ලි මහතා කටයුතු කර ඇත. එම අවන්හලේ ඉදිකිරීම් මේ දිනවල සිදු වෙමින් පවතී. මේ අතර අසල්වැසියෙකු වන රවීන්ද්‍ර ලසන්ත යන අයගේ උපන් දිනය පසුගිය 04 වැනිදාට යෙදී තිබී ඇත. පවුල් දෙකම එක්ව උපන් දිනය සැමරීම සදහා
යොදා ගෙන ඇත්තේ කිංස්ලි රත්නායක මහතාට අයත් ලග්ගල - තෙල්ගමුව ඔය ආසන්නයේ පිහිටි අවන්හලයි.
එතැන් සිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න දන්නේ මිය ගිය අයත් දැනට ජීවිත බේරා ගෙන ඇති අයත් පමණි.
මිය ගොස් ඇති අය අතරට කිංස්ලි රත්නායක(අවු:38) මහතාගේ දියණියන් දෙදෙනාද බිරිඳගේ මවද සිටී. වැඩිමහල් දියණිය වන විනුකි රත්නායක (අවු:13) නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 08 වැනි වසරේ ඉගෙණුම ලබමින් සිටී. වයස අවුරුදු 04 ක් වන හිරුණි රත්නායක තවමත් පෙර පාසල් යමින් සිටී. කිංස්ලි රත්නායක මහතාගේ බිරිඳගේ මව වන එම්.චන්ද්‍ර කාන්ති (අවු:59) මිය ගොස් ඇත. කිංස්ලිගේ බිරිද වන දුලීකා මාරසිංහ (අවු:37) මහත්මිය සහ ඇයගේ පියා වන රූපදාස මාරසිංහ මහතා ද දිවි බේරා ගෙන තිබේ.
උඩුවරගේ රවීන්ද්‍ර ලසන්ත(අවු:39) ඔහුගේ බිරිඳ වන රුවනි දිල්රුක්ෂි (අවු:38) සහ එම දෙපලගේ දරුවන් වන රිශාදි වගීෂා (අවු:12), දිමාෂි විදුෂා (අවු:08) යන දෙදෙනා ද මිය ගොස් තිබේ. එම පවුලේ එකම පිරිමි දරුවා වන අදීත ටෙත්සර (අවු:05) මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇත.
රුවනි දිල්රුක්ෂි මහත්මිය පාසල් ගුරුවරියකි.ඇය නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයේ සේවය කරමින් සිට ඇත. දියණියන් දෙදෙනා වන රිශාදි සහ දිමාෂි නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 07 සහ 03 වන වසර පන්ති වල
ඉගෙණුම ලබමින් සිට ඇත.
සිදුවී ඇති අනතුර හේතුවෙන් නාත්තන්ඩිය නගරයම කම්පාවට පත්ව ඇති බවක් දක්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හද පාරවන කණගාටුදායක පුවතක්. හයක් හතරක් නොදන්නා දරුවන්. මතු භවයකදි මෙවන් අකල් විපතක් නොමවේවා!!! මියගිය සැමට නිවන් සැප ලැබේවා..
හිතට හරිම වේදනයි. නමුත් මෙතරම් වැසි අද හැලෙද්දී තම කුඩා දරුවන් සමග මෙවන් ගමන් යාමට තරම් මේ මිනිසුන් මෝඩද මන්දා....
මොරගහ කන්ද ජලාශයට යටවන බව කියමින් ලග්ගල බොහෝ ඉඩම් පවරාගන්නවා. ඒ අතරේ යට නොවන ඉඩම්ද දේශපාලන බලවතුන්ගේ නෑයෝ කුණුකොල්ලෙට අරගෙන ගස්වැල් කපලා විනාශ කරන්නේ සංචාරක හෝටල් හදන්න. මේවා පරිසර විනාසයට ස්වභාව දහමින් දුන්න දඬුවම්. මියගිය අයට නිවන් සුව.
දරු පවුල් දෙකක් විනාශ වී ඇති හැටි හරිම ඛේදනීයයි. එක පවුලක පුතා පමණක් ඉතුරු වෙලා. අනෙක් ගෙදර බිරිඳ පමණක් ඉතුරු වෙලා. කොහොම ඉවසන්නද මේ ඉතුරු වුන අය. දෙමවුපියන්ට දරුවන් රැකගන්න යම් අතපසුවීමක් වෙලා වගෙයි. වතුරක ගැඹුර හෝ භයානක බව ගැන කුඩා ළමයි දන්නේ නැහැනේ. අපේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ කවදාද ?
හරිම දුකක් දැනුනා මේ පින්තුර ටික දැක්කම.
මේවා හොඳ පාඩම්, දෙමව්පියෝ දැනගන්න ඕනෑ මේවගේ දවස් වල මොර හූරන වැහි වහිනකොට, ගමන් බිමන් නොගිහින් ඉන්න. ගියත් වතුරට නොබැහැ ඉන්න. පව් මොනවා කරන්නද? පෙර ආත්මයක කරපු දේවල් කියලා බෞද්ධයෝ විදිහට හිත හදා ගන්න ඕනෑ...
මෙවන් විපත් කිසිකෙනෙකුට සිදුනොවේව !