(මනෝප්‍රිය ගුණසේකර )
නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා වලින් නාවික හමුදා නිලධාරීන් නිදොස් කර නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා එම නඩුව යළි විභාගයට ගැනීමට නියම කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අගෝස්තු 2 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම නඩුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් පසු ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
නඩරාජා රවි රාජ් ඝාතනය කිරීමට අදාළව නාවික හමුදා කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි ඇතුළු තිදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
මෙම නඩුව ජුරී සභාවක් හමුවේ විභාගයට ගත් අතර නඩුව අවසානයේදී ජුරියේ එකමතික තීරණය අනුව විත්තිකරුවන් තිදෙනාම නිදොස් කර නිදහස් කිරීමට මහාධිකරණය නියම කළේය.
නමුත් එම නියෝගය ඉවත දමා එම නඩුව යළි විභාගයට ගැනීමට නියම කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd