(නිමල කොඩිතුවක්කු)
නාගරිකරණ ගැටලූ බහුලව බලපා ඇති දිස්ත‍්‍රික්ක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර එම ගැටලූ කඩනමින් විසදීමේ යාන්ත‍්‍රණයක් සකස් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.
ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයට අමතරව ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, මහනුවර ආදී දිස්ත‍්‍රික්කවල නාගරිකරණ ගැටලූ විසදීමට සියලූම රාජ්‍ය ආයතන එක්කර ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.
නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන ‘‘ජන පියස’’ මහජන ජංගම සේවාව කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී අද (18) ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනු කොටස්වලට බෙදීම් හා සම්බන්ධ අනුමැතිය ලබාදීම, මුලික සැලසුම් නිරාකරණ සහතික සහ අනුකූලතා සහතික නිකුත් කිරීම, ඉඩම් සංවර්ධනය ඇතුළු සංවර්ධන බලපත‍්‍රවලට අදාළ ගැටළු රැසකට සාකච්ඡා කර විසඳුම් ලබාදීම එහිදී සිදු කෙරිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
‘‘කරුණූ 02ක් මුල් කරගෙන තමන්ට තියෙන ගැටලූ සඳහා අපිව විවෘතව මුණගැහෙන්න කියලා අපි කොළඹ දිස්ත‍්‍රික් ජනතාවට ආරාධනාවක් කළා. මොකද ගොඩනැගිලි ආදිය ඉදිකිරීම සඳහා අනුමත කර ගැනීමට විවිධ ආයතන 11කට යාමට ජනතාවට සිදුවනවා. ඒ නිසා තමයි අපි මේ ‘‘ජන පියස’’ වැඩසටහන ආරම්භ කලේ.
මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 නියෝජනය කරමින් වගකිව යුතු නිලධාරීන් එක්ව සිටිනවා. එමෙන්ම අනෙකුත් ප‍්‍රධාන රාජ්‍ය ආයතන වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, වාර්මාරිග දෙපාර්තමේන්තුව හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටිනවා.
මෙම කටයුතු නව ලොවට ගැලපෙන අයුරින් ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමයට, අන්තර්ජාලය හරහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තියෙනවා. මෙම අන්තර්ජාල ක‍්‍රමය තුළින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සංවර්ධන අයදුම්පත් ඉදිරිපත් කර බලපත‍්‍රයක් ලබාගැනීමේ හැකියාව මහජනයාට ලබාදී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
415
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2187
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ නාගරිකරණ ගැටලු විසඳිමට යාන්ත්‍රණයක් සකස් කරනවා’
Raveendra Monday, 18 June 2018 09:53 AM
අනේ ඉතින් මේ හාදයා හැමදාම කඩිනමින් බතල ඉන්දන ගොයියා නොවැ... කයිවාරු වස්ත්‍රයෙන් බේරෙනවා කියලා කියමනක් තියෙනවා...
ranga Monday, 18 June 2018 10:06 AM
කුණු අඹරණ වගේ යන්ත්‍රයක් වගේද ?
Pradeep Monday, 18 June 2018 10:15 AM
බොහොම හොදයි.. බරපතලම නාගරික ගැටළුව වන කුණු කසල ප්‍රශ්නය විසඳලා අනිත් ඒවාට යනවා නම් වටිනවා. මිනිස් ජීවිත ගණනාවක් බිලි ගත්තට පස්සෙවත් මේ ගැන සැලකිල්ලක් නෑ.
prakaash Monday, 18 June 2018 10:36 AM
පාචගේ බොරු බයිලා සහ ඩොලර්වලට රට පාවාදෙන හැටි තේරුම් ගත යුතුය. මොහු මේ රටට වින කරන පිළිලයකි.