IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්-ජීප් රියක් පොලිස් බාරයට

(ටෝනි කරුණානායක)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ 
උප පොලිස් පරික්ෂකවරයා ගේ නිවස පරික්ෂා කළ මිනුවන්ගොඩ පොලිසියේ  නිලධාරින් එම සැකකරු ගේ නිවස තුළ තිබූ රුපියල් 940,000ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගත්  නවින පන්නයේ ජිප් රථයක් පොලිස් බාරයට ගෙන තිබේ.

මිනුවන්ගොඩ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි එම නිවසේ තිබූ සැටලයිට් යන්ත්‍රයක් සහ සැකකරුට අයත් ක්‍රෙඩිට් කාඩ් 04ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

 

 



අදහස් (17)

නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්-ජීප් රියක් පොලිස් බාරයට

Maheshn Sunday, 28 June 2020 01:59 PM

හැමතැනම ඔය වගේ නිලධාරින් තමයි ඉන්නේ.. පේනවනේ සල්ලි උඩ නිදාගෙන ඉඳලා තියෙන්නේ..

:       0       0

Prabha Sunday, 28 June 2020 03:11 PM

ශ්‍රී ලංකා පොලීසිය පමණක් නොව ගුවන් තොටුපළ, රේගුව, එකීනොකී සියලුම ආයතන දූෂිතයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 June 2020 03:56 PM

පේනවා නේද ?...වැඩ. රස්සාවට අමතරව නිලලත් රාජ්‍ය අපරාධකාරයෙක්.. පඩියට අමතරව තවත් විශාල ආදායම් මාර්ගයක්.. ඒත් රටට කොඩිවිනයක්.. හොඳ ඉවක් ඇතිව මේ අපරාධවල සොයාගැනීම සුළුපටු දෙයක් නොවේ. එයට අනේක වාරයක් ස්තූතියි ..!!! අපද මේ ලංකාදීපය දුන් අවස්ථාව නිසා, මේ සම්බන්ධව නොයෙක්විට අපේ රටට හා ජනතාවට ආදරයෙන් සාර්ථක උපාය මාර්ග පෙන්වා දුන් බව සිහිගන්වන්නේ ඉතා සතුටිනි..

:       0       0

ජයන්ත මිලානො Sunday, 28 June 2020 04:36 PM

මිනුවන්ගොඩ නම් ඉතින් මීගමුවේ අරයගේ නෑයින් වෙන්න අැති.. බයවෙන්න දෙයක් නැහැ. උඩින් අැවිත් ඉඹගත්තා වගේ. ඔය කේස් එකත් විසිවෙයි...

:       0       0

alwis Sunday, 28 June 2020 09:35 PM

නාකොටික් යන එකට සිංහල වචනයක් නැහැ වගේ... අපේ බස නැතිකරන්නේ අපිමයි...

:       0       0

Indhika Monday, 29 June 2020 01:26 AM

බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියක්.. පුද්ගලිකව දන්න පුද්ගලයෙක් මොහු... කිසිම සැකයක් නැතිව දේශපාලන පලි ගැනීමක් මෙය. ලංකාවේ ලොකුම කුඩු තොගේ ඇල්ලුවේ මොහු...

:       0       1

කමල් Monday, 29 June 2020 01:55 AM

අපි මෙච්චර කල් හොරාගේ අම්මාගෙන් නොවැ පේනඅහලා තියෙන්නේ...

:       0       0

Bamunuarachchi Monday, 29 June 2020 02:25 AM

"නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්- ජීප් රියක් පොලිස් බාරයට" ඇයි හත් දෙයියනේ නාකොටික් නිලධාරියාට ලක්ෂ 10ක පරණ ජීප් එකක් පාවිච්චි කරන්න බැරිද? ලක්ෂ 10ක් කියන්නේ මහා ගාණක් නොවෙයි නේද?

:       0       1

pradeep Monday, 29 June 2020 03:09 AM

නවීන පන්නයේ ජීප් රියක්...?

:       0       1

PUROHITHA ABEWIKKRAMA Monday, 29 June 2020 03:28 AM

අනේ ඇයි..? මේ කියන නිලධාරිතුමාට නමක් නැද්ද? තරහා ගන්න කාරි නැහැ. දැනගන්න ක්‍රමයක් නැති හින්දයි ඇහුවේ...

:       1       0

Lakmal Monday, 29 June 2020 03:50 AM

නවීන පන්නයේ ජීප් රියක්... අපි නම් දන්නේ 32 ඩෑශ් පෙජරෝ අවුරුදු 30ක් විතර පරණයි කියලා...

:       0       1

sl Monday, 29 June 2020 05:09 AM

තවම හාල්මැස්සෝ....

:       0       0

සේන Monday, 29 June 2020 06:12 AM

වැටත්, නියරත් ගොයම් කා නම්.., කාට පවසන් ඒ අමාරුව.

:       0       0

නිමල් Monday, 29 June 2020 08:32 AM

නවීන පන්නයේ ජීප් රථය 32- වුණේ කොහොමද?

:       0       1

Amare Monday, 29 June 2020 08:58 AM

නවීන පන්නයේ 1980 පළාත් සභා පැජරෝවක්..

:       0       1

Nimal Thursday, 02 July 2020 07:15 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැමෝම භාවිතා කරන්නේ මේ පැජරෝ ජීප්නේ... ඒවා ඔක්කොම නවීන පන්නයේ ඒවා... ඒ නිසයි මේ ජීප් එකත් නවීන පන්නයේ කියලා තියෙන්නේ...

:       0       0

sampath Thursday, 02 July 2020 04:59 PM

මේ පළාත් සභා මොඩ්ල් එක 1988 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ගෙනාවේ දැන් මේ වගේ ජීප් එකක් ලක්ෂ 25ත්, 30ත් අතර යන්නේ... මේක 10කට දෙනවා නම් ලොකු දෙයක්.. අනෙක මේවා දැන් අවුරුදු 30කට වඩා පරණයි. මටනම් හිතෙන්නේ මේක කානිවල් එකක්ද කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21637 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18104 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10836 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 531 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 163 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site