(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දා හත් හැවිරිදි පාසල් සිසුවෙක් පැදවු සුඛෝපභෝගී මෝටර් රථයක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක ගැටීමෙන් තරුණයකු මිය ගොස් තවත් තරුණයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පන්නිපිටිය පොල්වත්ත පදිංචි කොළඹ අංක තුන මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයකු ලෙස සේවය කළ නදුන් දර්ශන නැමැති 27 හැවිරිදි තරුණයෙකි.
තුවාල ලැබු තරුණයින් දෙදෙනා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් මහරගම පමුණුව හා හික්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය .
අනතුරින් පසු පලා ගිය 17 හැවිරිදි පාසල් සිසුවා පැය දහයකට පමණ පසු පැමිණ පොලීසියට බාර වී තිබේ.
මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
මේ ළමයාට වාහන පැද වීමට බලපත්‍ර තිබෙනවාද? එසේම විස්කි බෝතලයක තේ කහට දාගෙන ආවාද? ඒ වත් බලන්න. ළමයා මත්පැන් බීලා සිටියා කියන නිගමනයට ආවාට කිසිම වැරද්දක් නැත. පලා යන්න ඇත්තේ ගෙදරනේ එවලේම පොලිස්සියට ගෙන ආවානම් සාධාරණයි. පැය දහයක් තියාගෙන සිට පොලිස්සියට ගෙන ආවානම් බී මතින් සිටියා කියා සිතීම සාධාරණයි.
වයස අවුරුදු 17 නම් රියදුරු බලපතක් නැහැ. ඔහුට තාවකාලික රියදුරු පුහුණුවීමේ අවසරපතක් තිබිය හැකිමුත් ඔහුට පුහුණුකරන්නෙකු නොමැතිව තනිව වාහනයක් පැදවීමට අවසර නැත. කෙසේවෙතත් නීති විරෝධීව සහ නොසැලකිල්ලෙන් වාහනයක් පදවා මනුස්ස මරණයක් සිදුකිරීම බරපතල වරදකි.