(ඩයනා උදයංගනී)
දූෂණ වංචාව නැතිකර මුදල් අවභාවිතාව වැළැක්වුවහොත් රාජ්‍ය වියදම්වලින් සියයට 25ක් ඉතිරි කර ගත හැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
එවිට ණය අර්බුදයෙන් පවා ගොඩ ආ හැකි බව ද විගණකාධිපතිවරයා කීවේය.
පසුගිය දශක දෙකක කාලයේ රටේ මූල්‍ය විනය කඩාවැටීමට හේතුව දේශපාලන අධිකාරිය බව ද විජේසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
අවංක පුරවැසියන් හැටියට අප ඔබවැනි අවංක නිලදරුවෙකුට හිස නමා ආචාර්ය කරන්නෙමු. පාට, පක්ෂවලට බේදබින්න වී සිටින තාක්කල් මෙන්ම " දේශය පාලනය කිරීමට වංක හිවලුන් ඉදිරිපත් වී" සිටින තාක්කල් එම රට කිසිදින දියුණු නොවන්නේය. තම මාතෘභූමියට අවංකව ආදරය කරන මිනිසුන් නිතරම දියවන්නා ඔයේ 225ක් වූ ගවයන් රෑනට නිතරම පිං අනුමෝදම් කරන්නේ, ජාතිජාතිත් සාප කරන්නේ මෙම කාරණය නිසා නොවේද?
දූෂණ නැති කළොත් රාජ්‍ය වියදම මෙන්ම පෞද්ගලික අංශවලද වියදමද නැති කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඉතිරි කරගන්න එක කොහෙන් හරි විනාශ වෙන ක්‍රමයක් ලෝකයේ තියෙන්නේ. පෞද්ගලික අංශයේ විධායකය වුවද ව්‍යාපාරවල දූෂණ වියදම අඩුකරගෙන එතුමන්ලාගේ අසහනය, ආතතිය නැතිකරගන්න විනෝදය සඳහා වියදම් කරනවා. සාමාන්‍ය සේවකයන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නැහැ. සාමාන්‍ය සේවකයන්ට යම් කිසි ප්‍රතිලාභයක් ලැබුණාද ඔවුන්ද එමගින් සැහීමකට පත් නොවී තවතවත් දේවල් බලාපොරොත්තු වෙනවා. රටක් වුවද එලෙස යැයි මම සිතමි. දියුණුයි කියන රටවල් වලද ප්‍රශ්න ඉවරයක් නැති තරම්. කෙසේවෙතත් ලංකාව තමන්ගේ කුඩා භූමියට ගැලපෙන විදියට මිනිසුන්ගේ සුභසාධනය ගැන කල්පනා කර විගණනය ලොකු කුඩා සැම අංශයකටම ඇතුළත් කර තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය වුනොත් හොඳයි...
අපි නම් ඕක දැනගෙන හුඟක් කල්...
මේ අය ඒ ඉතුරුවෙන සල්ලි වලින් තීරු බදු රහිත වාහන ගෙන්න ගන්නවා, මහජන සේවයට යන්න..
ලංකාවේ දුෂණ දුරුකරන්න දුම්මල ගහලවත් බෑ. සෑම රාජ්‍ය ආයතනයකම හොරු පිරිලා. අර සීනි කම්හල පුනුරුප්තපය කරන්න පැමිණි ආයෝජකයාට සිදුවුන දෙය කවුද නොදන්නෙ. පගාව නොලබුනට අදවෙතෙක් ලියකියවිලි හංගලා. ජනධිපතිතුමා මේ ගැන කිසිම දෙයක් කරලා නැති බව කියන්න ඕනෙ. දුෂණ දුරුකරන එක ගැන කතාකරනවා විතරනෙ ඒ ගැන ක්‍රියා කරන්නේ නැද්ද?
පෙර හිටපු විගනකාදිපතිලාට ඕක පෙනුනේ නැතිද .. පෙනිලා නොපෙනුනා වගේ හිටියද ?මම හිතුවේ ආර්ථිකය කඩාගෙන වැටුනේ පින් පඩි ගෙවන නිසා කියලා ?
ඉස්සෙල්ල පාලකයන් ඇති කරපු දුෂණ වලට දඩුවම් දී , නිලදාරීන්ට ආදර්ශයක් වෙන්න ක්‍රියා කලොත් , රාජ්‍ය වියදමින් සියයට 25ක් අනිවාර්යෙන් ඉතුරු කරන්න පුළුවන් . නමුත් දුෂණ ෆයිල් තවමත් යට ගසා ගෙන ඉන්නේ , පාලකන්ට චන්දය දීලා , ඕන තරම් ගසා කන්න ඉඩ දීලයි . ඔවුන්ට බලය තිබුනොත් ඇති.
දූෂණය සම්පූර්ණයෙන් නැති කරන්න පුලුවන් රෙජමිය නැත්නම්...
දූෂණ නැති කලොත් මුළු ආර්ථිකයම කඩා වැටෙන්න පුලුවන්. මොකද දූෂණය මුලු සමාජයම සහ සියලු ආයතන වෙලාගෙන පැතිරිලා ඉවරයි. මේ දූෂණය කියන වැලේ ගෙඩි හැමෝටම ටික ටික කනවා.වැල මැරුනොත් මේ හැමෝම බඩගින්නෙ. ඒ නිසා කරන දෙයක් පරිස්සමින් .
නිකන්ම වගේ ලැබෙන අමතර අදායම් මාර්ගයක් අහිමි කරගන්න රජයේ නිලදරුවෝ, දේශපාලකයෝ සහ හොර ජවරම්කරයෝ කැමතිවේද ?