(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීමේ දිනය මාර්තු 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම තීරණය කර තිබේ.
පැමිණිලි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකු කළ ඉල්ලීම් සැළකිල්ලට ගෙන පැමිණිලි භාර ගැනීමේ දිනය දීර්ඝ කිරීමට තීරණය කළ බව එම ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු අද (21) පැවසීය.
මෙම ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීමේ දිනය පෙබරවාරි 20 වැනි දායින් පසු අවසන් කරන බව කොමිසම මීට පෙර දැනුම් දී තිබිණි.
2015 ජනවාරි 8 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වර්තමාන රජය මෙම ජනාධිපති කොමිසම පත් කළේය.
මේ වන විට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි 315ක් ලැබී තිබෙන අතර කොමිසම මගින් පත්කළ විශේෂ පොලිස් ඒකකයක් මගින් මූලික විමර්ශන අවසන් කළ පැමිණිලිවලට අදාළව මේ වනවිට සාක්ෂි විමසීම ආරම්භ කොට ඇත.
මෙම ජනාධිපති කොමිසම ශ්‍රේෂ්ඨාධිකරනයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට ඇති විශේෂ කාර්යාලයක දී රැස් වේ.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
772
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශපාලන පළිගැනීම් පැමිණිලි බාර ගැනීම 6 දක්වා