(උපාලි ආනන්ද)
තම බාල වයස්කාර දියණිය අපයෝජනය කිරීමට සැමියාට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුගේ බිරිය ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් එම දියණියගේ පියා මීට පෙර අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටියි.ඔවුන් දෙදෙනාට දියණියන් හය දෙනෙකු සහ පුතෙකු සිටින බව අධිකරණයේදී කියැවිණි.
සැකකරු දියණියට (15) බරපතල ලෙස කලක් තිස්සේ ලිංගික අතවර කර ඇතැයි ද ඇය මේ ගැන ඇගේ මවට දැනුම් දී ඇතත් මව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
අතවරයට පත් දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙසටත් දැරිය ඇගේ දෙමවිපියන්ගේ බාරයෙන් ඉවත් කර සහෝදරයාට බාර දෙන ලෙසටත් මීට පෙර නියෝග කෙරිණ.
COMMENTS
මේ අප දකින දහම් දිවයිනද?
අනේ මෙහෙමත් තාත්තලා...,
ගිහියන්ට බණ කියලා යහමග පෙන්නන්න කැපවෙලා ඉන්න හාමුදුරුවරු, තමන්ගෙන් පොදු ජනයාට වියයුතු යුතුකම් පසෙකලා ජාතිවාදීන් වෙලා. එහෙව් එකේ මෙවැනි ම්ලේච්ඡ තිරිසන් ක්රියාවන් මේ ධර්මද්වීපයේ අහන්න දකින්න ලැබෙන එක පුදුමයක් නෙමෙයි. ලෝකේ ආගම් පහළවුනේ මිනිසාගේ මනස පාලනය කරන්න ප්රධාන වශයෙන්. ඒ ඒ අංශවලින් ඒ ඒ වගකීම් නිසි ලෙස ඉටු නොවුණොත්, මිනිස් සිත් අයාලේ යන එක නවත්තන්න බැහැ.
දුප්පත්කමේ සහ නුගත්කමේ ලක්ෂණ.
මේ වගේ අපරාද වලට නීතියෙන් දඩුවම් ලැබුනට මදි. ඊට පෙර ඒවා හදුනාගෙන පිළියම් යෙදිය යුතු වෙනවා. පන්සල් වලට පුළුවනි ලොකු දෙයක් කරන්න.