සිතුම් චතුරංග
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත‍්‍රාත් එස්.ගේ‍්‍රෂියන් මහතා අද (24) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු වූ නටරාජා මෝහන්රාජ්(42) , නටරාජා සුපුමාර් (39) නැමැත්තන් වෙති.
කිලිනොච්චිය පොලිසිය දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිතුළ පලවී තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන සැළකිල්ලට ගනිමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය වෙත පසුගියදා කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර සිටියේ සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනය කරමින් දිවියා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසය.
දිවියා කළ පහරදීම් හේතුවෙන් වනජීවි නිලධාරියකු ඇතුළු 10 දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර සිටියහ.
COMMENTS
සියලු දෙනාව අත්අඩංගුවට ගන්න.........................
මේ සත්ව ඝාතනයෙන් විවෘත හා වක්‍රාකාරව සිදුකරන බැවින් විශේෂයෙන් විපත්තුව වන රක්ෂිතය , යාල වන රක්ෂිතය , සිංහරාජ වන රක්ෂිතය මෙන්ම රටේ ඇති සියලු වන රක්ෂිතය යන්හි බහුලව දේසපාලන බලය යොදා ගනිමින් මෙන්ම පුත්ගලිකව හොර රහසේ විශාල ලෙස සිදුකරනු ලබන නිසා ඉහත කී කලාප ආදී ආරක්ෂක කලාප ලෙස නම් කර මේ කලාප තුල මෙවන් දේ සිදුකරන අයට වසර 25 බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලබා දෙන ලෙසත් කුමන හේතුවක් මතවත් ඔවුන්ට මුදල්මය හෝ ශරීර අප ලබා නොදෙන්නට හා වදවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ඝාතනය සදහා හැකිනම් මරණ දඩුවම ක්‍රියාත්මක කල හැකි නීති ක්‍රියාවලියක් සකසන ලෙස ජනපති තුමාගෙනුත් අංශ භාර ඇමතිතුමාගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා
දඩුවම නම් ඒ පොල්ලම ආපහු හරවන එක. මේකට හරි දඩුවමක් නොදුන්නොත් ඊනියා යුද අපරාද වලට වඩා රටේ කීර්තිනාමයට හානිකරයි.
අයියෝ රු 25,000. දඩේ. ඕක ගෙවල එළියට එන එක මහ වැඩක්ද?