IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දිවියා ඝාතනයේ සැකකරුවන් 10 දෙනාට ඇප

 (සිතුම් චතුරංග )
 
දිවියකු පොලූ මගුරුවලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන  රක්ෂිත  බන්ධනාගාර ගතකර  සිටි සැකකරුවන් දසදෙනා හට එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් එම්. ගනේෂරාජා මහතා අද (05)  නියෝග කළේය.
 
සැකකරුවට මුදලින් රුපියල් 5000ක මුදල් ඇපයක් ගෙවන ලෙසද නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා සෑම මසකම අවසන් සඳුදා දින කිලිනොච්චිය පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු ලැබීය.
 
මෙලෙස ඇපමත මුදාහැරුණේ කිලිනොච්චිය පාසලක අනධ්‍යන කාර්ය මණඩල සේවකයකුවූ ත්‍යාගරාසා සුගන් (22) , කිලිනොච්චිය අම්බාල්කුලම් පදිංචි තුරෙයිරාසා ප‍්‍රසාද් (23), නටරාජා මෝහන්රාජ්(42) , නටරාජා සුපුමාර් (39) , යෝගරාසා නිරෝජන් , රොබින් ඇන්ටන් , කිලිනොච්චිය ක‍්‍රිශ්ණපුරම් පදිංචි සින්නරාසා පිරින්දන්(24)  හා කිලිනොච්චිය ධර්මපුරම් පදිංචි තම්බිරාසා තවරාසා(27)නැමැත්තන් වේ. 
 
දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සැකකරුවන් හත්දෙනකු පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකොට සිටි අතර පසුගිය (29)  දා තවත් සැකකරුවන් තිදෙනකු වරද පිළිගනිමින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව සිටියහ.
 
 
වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගීකරගනිමින් මෙම සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවටගෙන තිබිණ.
 
 
ලබන සැප්තැම්බර් 27 වන දින නඩු විභාගය නැවත කැඳවීමට නියමිතය.



අදහස් (0)

දිවියා ඝාතනයේ සැකකරුවන් 10 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site