නාලක සංජීව දහනායක
දිවයිනේ සෑම පාසලක්ම, විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රීතව දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාසය තුළදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව කරඹ, එරමිණියා, හිඹටු, පළු, වීර, කෝන් වැනි දුර්ලභ දේශීය පලතුරු වර්ග වගාකිරීමට නියමිතය.
COMMENTS
දුර්ලභ පැළෑටි සිටෙව්වාට වැඩක් නැත. එය නිසියාකාරව නඩත්තු කිරීමද සිදුකල යුතුව ඇත. මෙවැනි වැඩ වලට වඩා රට වෙනුවෙනුත් රටේ ජනතාව වෙනුවෙන් කල හැකි බොහෝ දේවල් ඇත. මේ පිළිබඳව උගත් බුද්ධිමත් අයගේ අවධානය යොමු කරමින් මෙම ක්‍රියාව වහාම නවත්වා ගත යුතුව ඇත.
බොහොම හොඳ අදහසක්.... කතාව අඩුකරමු. ක්‍රියාව වැඩි කරමු. ඔය කියන වැඩ සටහන්වලට මුල්ගල් තියන්න පවත්වන උත්සවවලට අපේ බදුමුදල් වියදම් කරන්නේ නැහැ නේද? එසේ උත්සව තියනවා නම් තම තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කර ඕනෑම උත්සවයක් තිබ්බට අපට නම් ගැටළුවක් නැත. අප විශ්වාස කරනවා අප රටේ මුල් පුරවැසියට මෙම අදහස් දැකීමට, කියවීමට ලැබේවා යන්න.
මෝඩ කතාවක්. පලතුරු දුර්ලභ වෙලා තියෙන්නේ වවන්න අමාරු නිසා. පාසල් ළමුන්ට මේවා අමාරුවන් නඩත්තු කරන්න වෙලාව දැනුම තියනවද? පන්සල්වල හමුදුරුවරුද මේවා බලාගන්නේ?
හොද තීරණයක් නමුත් ප්‍රමුඛතාව දිය යුතු දේවල් තව තියෙනවා.
මෙවැනි ව්‍යාපෘති වලට අවම වියදමක් දරන්න. උත්සව අනවශ්‍යයි. නොමිලේ පැල සිටවිමක් කරන්න බලන්න. අවසානේ ලක්ෂ ගණන් නෙවෙයි බිල එන්නේ කෝටිගණන් වලින්. වගා ලංකා වගා සංග්රාමයටත් කොච්චර වියදම් කලාද ඉස්සර.
කරඹ, එරමිණියා, හිඹටු, පළු, වීර, කෝන් වැනි වර්ග දැන් අපට රෝයල් කොලේජ් එක විශාකා එක වටේට දැක ගත හැකියි. මේවායේ ළමයි මේ වගේ ගස් දැකල නැති නිසා අඩු වශයෙන් දකින්නවත් පුළුවන්.
අඩ බෙර නැතුවට මෙම සද්ක්‍රියාව මේ වනවිටත් කරන පාසල්. පන්සල් ඕනතරම් තියෙනවා.
ඡන්දෙ ලග නිසා මොන වැඩක් කරලා හරි ප්‍රසිද්ධිය ගමු.
ඔය ගමන්ම පාර්ලිමේන්තුව වටේට තණකොළ වගා කලොත් හොඳයි නේද?