සුජිත් හේවාජුලිගේ 
 
දෙවැනි සැසිවාර උත්සවය පැවැත්වෙන ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේනතු මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.

  
මෙදින සියලු ගැලරි විවෘත කෙරෙන්නේ ආරාධිත අමුත්තන්ට පමණක් බවද මහ ලේකම්වරයා කීවේය.
 
දෙවැනි සැසිවාර උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන බව කී දසනායක මහතා විදේශගතව සිටින කතානායකවරයා මෙරටට පැමිණි පසුව උත්සව කටයුතු සංවිධාන කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.