බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි. පළමු තරගය ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් බංග්ලාදේශ පිල ඉදිරියෙන් සිටී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේදී ලකුණු 311 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් අද තරගයේදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් ඇති. අවමානයෙන් ගැලවුන.
35 වන ඕවරයෙන් පසු තරගය වෙනස්වීමකට බදුන් උන බව පෑහෑදිලිවම දුටුවෙමි.පන්දුවාර 40 දී සියලුම ක්‍රීඩකයින්ට දෑවීයාමට තිබු අවශ්‍යතාවය ඉතා පැහැදිලිය. බුකී කරුවන්ට තරගය පාවාදුන්නාද?