(ඩයනා උදයංගනී)
ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කර ඇති ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබාදීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත‍්‍රීවරුන්ගේ සම්පුර්ණ නම, උපන්දිනය හා ජාතික හැදුනුම්පත් අංකය සහිත ලේඛනයක් ලබාදෙන ලෙස ඉල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඉකුත් මැයි මස 8 වැනිදාය.
ඒ අනුව ඉහත තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී එම්.එල් අශිත නිරෝෂණ මහතාගේ අත්සනින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එම ලිපිය යොමු කර තිබේ.
COMMENTS
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් ලංකාවේ ගොඩයි.
මොකද මන්ත්‍රීවරු විතරක්? ජනතා මුදලින් වැටුප් ගන්න රජයේ ඉහළ නිලධාරීන්, ආයතන ප්‍රධානින්, අද්‍යක්ෂකවරුන්, සභාපතිවරුන් වැනි පිරිසත් ඇතුළත් විය යුතුයි. මේ සමහරු තීරු බදු රහිත වාහන පවා ලබාගන්නවා.