(අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටි නරඹන්නන් අත තිබූ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව ලියැවුණු පෝස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පෝස්ටර් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කිරීම පිණිස ගෙනැවිත් තිබිණ.
කෙසේ වෙතත් කිසිදු නරඹන්නකු අත් අඩංගුවට ගෙන නැති බව ගාල්ල පොලිසිය කියයි.
COMMENTS
මෙහෙම කියන්නේ දයාසිරි ඇමතිතුමාට විතරද පොලිස්පතිතුමනි?
මිනිසුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයතියට ඉඩ දිය යුතුයි.... !!!
මේවා ලෝකේ හිනස්සන වැඩනේ.... ක්‍රිකට් ගහන තැනට මොකටද ඔය කතා ?
රෙද්ද පල්ලේ දෝර ගලන ප්රජාතන්ත්රවාදය කියලා තමයි කියන්න වෙන්නේ ....!!!
සූරියවැව මැච් එක දවසට රිලවුන්ට විය හැකි දුක්ඛිත ඉරණම ගැන මගේ සාතිශය සංවේගය....
ඇමතිතුමනි, ඔය තනතුරට ආවම ඇඟේ හයියට වැඩකරන්න එපා.. හොඳට කල්පනා කරලා මහත්මයෙක් වගේ ක්‍රියා කරන්න..මොකද ජනතාවගේ බලය හරි ප්‍රබලයි.. අනික සමාජ ජාලා වෙබ් අඩවි නිසා තවත් අවදානම්.... අනික ක්‍රීඩකයන්ට මොන ප්‍රශ්න තිබුණත් ජනතාව ආදරෙයි.. ඔබගේ ජනප්‍රියතාවයට මෙවැනි සිදුවීම් ලොකු බාධාවක්... ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දගන්න බැහැ කියන්නේ ඕවට තමයි..
අය්යෝ ක්‍රිකට් වලට ගිය කලක් ... දැන්නම් හිතෙනවා දයාසිරි මහත්තයා හරි කියලා...
"ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නට".... මිනිස්සු ඒ වැඩේ කරන්න යන එක වැරදියි. ක්‍රිකට් මැච් එකක් නරඹනවා කියන්නේ කුණු ගොඩවල් අවුස්සලා ක්‍රිකට් පිටිය ගඳ ගැස්වීම නෙවෙයි. මාලිංග කියන්නේ, දක්ෂ ක්‍රීඩකයෙක් වගේම කෙලින් කතාකරන නිර්භීත පුද්ගලයෙක්.
පළමුව ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් බේරා වෙන්කර ගත යුතුයි.
දයාසිරි මහත්තයෝ,.. ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන්න දී ඔවුන්ගේ මානසික තත්වය අවුල් නොකරන මෙන් කාරුණිකව ඉල්ලමි. මොකද ඔවුන් අසහනකාරී මානසිකවයෙන් ක්‍රීඩා කළහොත් රටයි පරාජිත වෙන්නේ...එවිට ඔය දේශපාලන ඖෂධ හරි නොයයි. කලින් 1996 යේ ලෝක ශූරතාගෙනෙන විටත් මෙවැනි දේශපාලන මැදිහත් වීම් තිබුණද? රටේ කප්පරක් වැඩතියාගෙන අනවශ්‍ය දේවල් සිදුකරමින් ඒවාටද ප්‍රශ්න ඇතිකරයි.