IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දියණියට වද හිංසා කළ පියා-කුඩම්මා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

නව හැවිරිදි  තම දියණියට  දෙවන විවාහයේ බිරිඳ සමඟ එක්ව පහරදි තුවාල සිදුකර අත් පා ගැට ගසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට උණු වතුර දමා බර පතල තුවාල සිදුකර  මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද  දැරියගේ පියා සහ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ පෙබරවාරි 13 වනදින දක්වා රිමාන්ඩ් කරන ලෙස  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (31) නියෝග කළාය.

 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉමදුව ගෝනන්වල පදිංචි ගෝනන්වල සිරි පතිරණගේ මතිස් ප්‍රසන්න(34) ,කලුඅප්පු හැන්නදිලාගේ රංජුලා අනුරාධා(24)යන සැකකරු හා සැකකාරියවේ.
 
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරුගේ පළමු බිරිඳ පවුල් ආරවුල් නිසා තම දියණියද රැගෙන ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට ගොස් ඇති අතර පසුව සැකකරු මෙම සැකකාරිය සමග විවාහවි ඇති බවයි.
 
එම විවාහයෙන්ද ඔවුනට ළමයෙකු ලැබි ඇති අතර සැකකරු ඌරුබොක්ක පිහිටි පළමු විවාහයේ බිරිඳගේ නිවසට ගොස් මෙයට මාස කිහිපයකට පෙර  දියණිය බලෙන් රැගෙනවිත් ඇති බවත් මේ අතර ඇයගේ මව දියණිය ඉල්ලා සැකකරුට නිතර නිතර දුර කතන ඇමතුම් ලබාදි ඇති බවත් පොලිසිය කියා සිටියේය.
 
ඒ අනුව දියණිය ගෙන යාමට එන ලෙස මවට කරන ලද දැන්විමක් අනුව මව ඊයේ  (30)සවස ඉමදුව කෝදාගොඩ හන්දියට පැමිණ සිටියදි සැකකරු දියණිය ත්‍රි රෝද රථයකින් එම ස්ථානයට රැගෙනවිත් ඇති බවත් දියණිගේ තත්වය  දුටු මව සිහිසුන්ව ඇති බවත් පසුව පොලිසියට දන්වා දැරිය මව බාරයේ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහලට ගොස් ලබාගන්නා ලද ප්‍රකාශ අනුව සැකකරු හා සැකකාරිය අත් අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.
 
ඇයගේ සිරුරේ කැපුම් තුවාල පහරදිම් තුවාලද පරණ තුවාල කැළැල්ද තිබු බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය. ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අපුල් කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් කරණාදාස (6115) මහතා සහ කාන්තා සැරයන් මල්කාන්ති(5326) මහත්මිය විසින් සැකකරුව්න් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.
 



අදහස් (3)

දියණියට වද හිංසා කළ පියා-කුඩම්මා රිමාන්ඩ්

sunil Friday, 31 January 2020 11:20 AM

මොවුන් මිහිපිට වසන යක්ෂයින් විය හැකියි.

:       0       62

නීල් Friday, 31 January 2020 12:40 PM

මුන්ට මොකද වෙලා තියෙන්නේ?

:       0       4

Rohana Friday, 31 January 2020 03:42 PM

කුඩා දරුවන්ට අමානුෂික වදහිංසා කරන මිනිහා සහ දෙවැනි අඹුව මිනිසුන්ද තිරිසනුන්ද? මොවුන්ට නීතියෙන් දඬුවම් දිය යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site