IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඹුලු පන්සලේ වැවේ ගිලෙන්න ගිය අයකු බේරාගනී

(කාංචන කුමාර ආරියදාස)
 
රංගිරි දඹූලු උයන්වත්ත රජමහා විහාරස්ථ භූමියේ පිහිටි පන්සලේ  වැවේ  දියනෑමට ගිය තරුණයකුගේ ජීවිතයක් බේරාගැනීමට දඹුල්ල ජලක්‍රීඩා හා පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ  නිලධාරීන් පිරිසකට අද( 24) හැකි විය.

 
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සිට රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බව කියන එස් .මහේෂ්  (18) නැමැති තරුණයෙකු බව පොලිසිය කියයි.


හෙට (25 ) මෙම  වැවේ පිහිනුම් තරගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් ජිවිතාරක්ෂක  සාමාජික යන එහි  රාජකාරියේ දී සිට  තිබේ. 


ඒ අවස්ථාවේදී වන්දනාවේ පැමිණි පිරිස් දියනාමින් විනෝද වෙමින් සිට ඇති අතර බෝට්ටුවක රැඳී සිටිමින්   පිහිනුම්  ක්‍රීඩාව සඳහා අවශ්‍ය පරිසරය සූදානම් කරමින් සිටි ජිවිතාරක්ෂක නිලධාරියෙකු මෙම තරුණයා දියේ ගිලෙන දැක වහාම ක්‍රියාත්මක වී  ජීවිතය බේරාගෙන ගොඩටගෙවිත් තිබේ.


දඹුල්ල  මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් ජීවිතාරක්ෂක උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා ඇතුළු  ජිවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවේ පන්සලේ වැව රාජකාරි කටයුතු වල නිරත ව සිට තිබේ.


 



අදහස් (0)

දඹුලු පන්සලේ වැවේ ගිලෙන්න ගිය අයකු බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site