(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර මධ්‍යයෙන් ප්‍රධාන මාර්ගය අභියස මිය ගොස් වැටී තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම සොයා ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
හිස ප්‍රදේශයේ දරුණු තුවාල පවතින බව මෙම මළ සිරුර පරීක්ෂා කිරීමේ දී දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මළසිරුර ආසන්නයේ ඇඳුම් කිහිපයක් සහිත ගමන් මල්ලද පොලිසිය සොයාගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.
කහ පාටට හුරු ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් වර්ගයේ දිග කලිසමක් පැළඳ මියගොස් ඇති තැනැත්තාගේ වයස අවුරුදු 40 ක් පමණ වන බව පොලිසිය විශ්වාස පළ කර සිටී.
රිය අනතුරකට ලක්වූ ලක්වී මිය ගිය ද එසේත් නොමැති නම් මෙය පහරදී ඝාතනයක් සිදු කළේද යන්න පොලිසිය පරික්ෂණ සිදු කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය ගැන නම් හරිම කනගාටුයි. මේක හිතන්න බැරි දේවල් සිද්ධවෙන කාලයක්. අසරණය ගුවන් යානයකින් යන ගමන් වැසිකිළි යන්න එළියට බැස්සද දන්නෙත් නැහැ!