(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය තුළ වෙනසක් සිදුව එම සන්ධානය මෙරට පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසට ලියාපදිංචි වූයේ නම් පමණක් තමන් එම සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයාව තරග වදින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සදහන් කරයි.
එමෙන්ම තම මහ ඇමති ධූරය අහිමිව ගියත් දෙමළ ජනතා සංසදය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දෙමළ ජනතාවගේ අර්බුදය ජාත්‍යන්තරයට ගෙන යන බවත් ඊට පක්ෂ භේද අදාල නැති බවත් මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීම සහ සිය දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කළේය.
‘‘උතුරු පළාත් සභාවේ සමහර පසුබෑම්වලට දේශපාලන වශයෙන් ඇම හෙලන සිහිමද ගතියෙන් පෙළෙන කිහිප දෙනෙකු හේතුවෙනවා.එවන් තත්ත්වයක වුවද අපි අපේ වැඩ ක්‍රියාත්මක කළා.උතුරු පළාත් සභාවේ අපි කරපු ඒ වැඩ ගැන අත්පොතක් මෑතකදී නිකුත් වෙනවා.එය කියවා ජනතාවටත් අවබෝධ කරගන්න පුළුවන්.
මම සෑම විටම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මුණ ගැහිලා මේ තත්වය ගැන පැහැදිලි කරල දෙන්න සූදානමින් සිටිනවා. ඔහු එක්ක මගේ කිසිම අමනාපයක් නැහැ.එතුමන්ට කැමති නම් මාව හමුවීමට කිසිදු බාධාවක් ඇතිවෙන්නෙ නැහැ.
ඒ වගේම නව දේශාපාලන බලවේගයක් පිහිටුවා ඉදිරි පළාත් සභා මැතිවරණයට පැමිණෙනවද කියල මෙතෙක් තීරණය කරල නැහැ.නමුත්
මගේ තීරණය ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලබන තීරණයක් වේවි. ‘ යැයිද මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.‘‘
2025 දෙසැම්බර් මස 18
366
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ සන්ධානයෙන් ඡන්දෙට එන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසියක්
Hafeel Sunday, 23 September 2018 01:54 PM
දෙමළ ජනතාවගේ අර්බුදය ජාත්‍යන්තරයට ගෙන යන්න කලින්, ඔයාලාගේ පක්ෂ අරගලය ජාත්‍යන්තරයට ගෙන යන්න.