(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවකට හැර ඇමතිධූර වැඩිකර ගැනීමට දරන කිසිදු උත්සහායකට දෙමළ ජාතික සන්ධානය සහාය නොවන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
ඇමතිධූර වැඩිකර ගැනීමට පෙරාතුව ගත් උත්සහායටද දෙමළ ජාතික සන්ධානය එරෙහි වූ බවත් ජාතික ආණ්ඩුවක් කියමින් අමාත්‍යධූරයන් වැඩිකර ගැනීමට ගෙන යන වත්මන් ක්‍රියාදාමයටද තම සන්ධානය එරෙහි බවත් සුමන්තිරන් මහතා කීය.
ජාතික ආණ්ඩුවක් රට තුළ පැවතිය යුතුයි යන්න ස්ථාවරය බවත් ව්‍යවස්ථාමය තීන්දු තීරණ ගැනීම සදහා ප්‍රධාන පක්ෂ දෙකම එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඒ සදහා දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහාය ලබා දෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්දයෙන් අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හකීම්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ, රටට, ජනතාවට බර පටවන ඇමති මණ්ඩල වැඩි කරන රනිල්ගේ මේ පටු යෝජනාවට එකඟ වෙන්න එපා කියලයි. අනික එක් ආසනයක් තියාගෙන, මෙවැනි ඊනියා ජාතික ආණ්ඩුවට යන්න සදාචාරයක් තියන්න එපැයි.
සුමන්තිරන් ඒ දෙගොල්ලෝ එකතු වුනොත් නේද ඔහේගේ 20වෙනි සංශෝදනය හරියන්නේ කියලා හිතන්නේ? එ්ක හරියන මගුලක් නොවෙයි හලෝ... සිංහල අපි දෙමලුන්ගේ ඒ අවශ්‍යතාවය ඉටුවෙන්න දෙන්නේ නැත...
ඔය පැනල තියෙන්නේ ඇත්ත හේතුව. ඔව්න්ට ව්‍යවස්ථාව සම්මත කරන්න තමා ජාතික ආණ්ඩුව ඕනේ. ඒකට නිදහස් පක්ෂේ හොදයි මුස්ලිම් කොන්ග්‍රසයට වැඩිය. එතකොට නැගෙනහිරත් එක්කම ගන්න පුළුවන් උතුරට අමතරව.
මොකෝ සුමන්තිර මස්සින නිකන් හත ගහලවගේ ? චා චා චා මේ සින්ගලයෝ කිසිම වෙඩක් කරගන්න යෙඩ දෙන්නේ නැහැ . මට රනිල් නම් ශේප්
මොකට ද එජාප ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවක්, තමුන්ට පුළුවන්නේ එජාප-දෙමළ සන්ධාන ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න. අනික වත්මන් අගමැතිට විශ්වාසය පළ කිරීමේ යෝජනාවට සහාය දුන්නතේ තමුන්නෙ, ඉතින් ඇයි ඒ ආණ්ඩුවට එකතු වෙන්න බැරි? මෙයාලට ඕන ව්‍යවස්ථාදායක සභාවේ තනතුරු ටික ආරක්ෂා කර ගන්න විපක්ෂ නායක ධුරය ලබා ගන්නයි.
එහෙමද ආස????