(රොමේෂ් මධුෂංඛ)
කොටි සංවිධානය පැවති සමයේදී සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු සාමාජිකයා වූ පොන් සිවකුමරන් මිය ගොස් අදට (05) වසර 44 ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් පහන් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
යාපනය උරුම්පිරායි පොදු වෙළඳසැල ඉදිරිපිට පිහිටි පොන් සිවකුමරන් මහවිරුවාගේ පිළිරුව ඉදිරිපිටදී අද උතුරු පලාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් පහන් දල්වා මිය ගිය මහවිරුවා සිහි කිරීමේ වැඩසටහනට එක්ව සිටියහ.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ පිහිටි බැංකු මංකොල්ල කන කාල වකවානුවේදී යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි බැංකුවක් මංකොල්ල කන බවට යාපනය පොලීසිය තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය විසින් අදාල බැංකුව වටලන අවස්ථාවේදී බැංකුව මංකොල්ල කමින් සිටි පොන් සිවකුමරන් නැමත්තා පොලීසියට හසුවීමට ආසන්න අවස්ථාවේදී ඔහු සමීපයේ තිබූ සයිනයිඩ් කරලක් කා මිය ගොස් ඇත.
මේ හේතුවෙන් සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු ශිෂ්‍ය සාමාජිකයා වශයෙන් පොන් සිවකුමරන් නැමත්තාගේ පිළිරුවක් උරුම්පිරායි ප්‍රදේශයේ ඉදිකොට තිබූ අතර යුද්දය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ විසින් අදාල පිළිරුව ඉවත් කළද 2017 වසරේදී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් නැවත මෙම පිළිරුව ඉදි කළේය.



2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙමළ ජාතික සන්ධානය මහවිරු සාමාජිකයා සමරයි
ජගත් ලියනගේ Tuesday, 05 June 2018 10:49 AM
හැට දෙලක්ෂයෙ අපිට අත කපා ගන්න හිතන්නේ මේවා දකින කොට .