(කටුනායක ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් 2/13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි හි සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් තිදෙනෙකි.
ඔවුන්ගේ ගමන් මලු වල විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි කාටූන් 159 ක් සහ පැකට් 462 ක් තිබී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සිතාරා ජයසේන මෙම දුම්වැටි තොගය රාජසන්තක කර ගෘහ සේවකයින් තිදෙනාට අවවාද කර නිදහස් කර ඇත.
මේ ආකාරයට විදේශීය දුම්වැටි නීතිවිරෝධී රැගෙන ඒම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මෙසේ නීතිවිරෝධී ලෙස රැගෙන එන දුම්වැටි සඳහා දඩ මුදල් අය කිරීමට හෝ සිර දඩුවම් නියම කිරීම පිළිබඳව රේගුවේ අවධානය යොමු වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ ඉන්න යහපත් පුරවැසියන් අවරුදු ගණනාවක් දැන් පරාද වෙලයි ඉන්නේ . මොකද හැමදාම කොමිස් ණය ගෙවන්න වෙලා තියෙන්නේ පුරවැසියන්ට. ඉදිරියටත් එහෙමයි . පුරවැසියාව මුදලට ගිජු කරලයි තියෙන්නේ . ඉරාකයටත් වුනේ මේ දේමයි. හැමෝම එකතු වෙන්න ඕන වුනේ සමාජය ගොඩ ගන්න. නමුත් පක්ෂ පාට ලොකු වුනා. ලැබෙන පඩියෙන් ජීවිතය ගෙනියන්න බැහැ. එක්කෝ කුඩු , එතනෝල් , ගංජා සහ ගණිකා මඩම් පවත්වාගෙන යන්න ඕනා .අලුතෙන් පළාත් සබා වලට පත් වෙච්ච අය දිනුම්. හෙට අනිද්දා වෙද්දී ඔවුන් කෝටිපතියෝ . හුරේ දාන අය අන්තිමට හොදටම පරාදයි. රට පරාදයි. මේ දේ කල්පයක් මෙහෙ වෙනවා. අරුම පුදුම රටක් .
වැරදි කරන අයට හිරදඬුවම් දෙනකොට කැමබීම රජයෙන් දෙනවානම් එකට වියදම් වෙන්නේ රටේ හොඳ මිනිස්සුන්ගේ යහපත සඳහා වියදම් කරන්න තියන සල්ලි නේද? මම හිතන්නේ කුඩු විකුණන්නන් පාතාල සාමාජිකයින් වැනි සිරකරුවන්ගේ දේපල රාජසන්තක කර විකුණා ඒ මුදලින් එම සිරකරුවන්ගේ ආහාරපාන සැපයිය යුතුය.