IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


දුම්රිය වර්ජනය අවසන්

( මහින්ද නිශ්ශංක සහ කරුණාරත්න ගමගේ  )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සමඟ  අද (12) පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාළක යන ශ්‍රේණි ක්‍රියාත්මක වර්ජනය මෙසේ අවසන් කෙරිණි. 

පොලොන්නරුවේ ජනාධිපති නිල නිවසේදී අද (12) පෙරවරුවේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවේදී මෙම තිරණයට එළැඹි බව  දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම් ලාල් ආරියරත්න මහතා පැවසීය.

වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී ජනාධීපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන් බවත් ආරියරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව දුම්රිය  වර්ජනය  අත්හිටුවීමට තීරණය කළ අතර අද සිට දුම්රිය ධාවන කටයුතු   සාමාන්‍ය පරිදි සිදු කරන  බවද හෙතෙම සඳහන් කළේය.

(36698)



අදහස් (23)

දුම්රිය වර්ජනය අවසන්

pawan Sunday, 12 August 2018 05:24 AM

හුරේ .. ජයවේවා !! ස්ට්‍රයික් නවත්වනකම් සාකච්ඡා නැහැ කිව්වා. මංගල ඇමතිතුමාගේ කලිසමත් ගැලෙව්වා එහෙනම් අපේ ජනාධිපතිතුමා...

:       18       57

NASRUDIN Sunday, 12 August 2018 05:48 AM

දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධයට ප්‍රණාමය. හැබැයි එයා දෙන පොරොන්දු ගැන තැබිය හැකි විශ්වාසයේ අගය ධනාත්මකද? ඍනාත්මක ද? ඒකනම් අතිශය කුකුස් දනවන්නකි.

:       10       1

ase Sunday, 12 August 2018 05:53 AM

මේ අය ජනතාව විකුණයි. ජනතා අරගලය විනාශ කරයි.

:       4       24

kasun Sunday, 12 August 2018 05:56 AM

කෝ මේ මංගල?

:       1       11

Manoj Sunday, 12 August 2018 05:56 AM

ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ... අපිට නම් මෙලෝදෙයක් තේරෙන්නේ නැහැ. මේක තමයි සැබෑ වෙනස. මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයලු. දන්නේ නැති නිසා අහන්නේ ඒක ඇත්තද?

:       1       29

Dasa Sunday, 12 August 2018 05:58 AM

මංගල ඇමතිතුමා, කෝ කලිසම?

:       1       12

MP Sunday, 12 August 2018 06:01 AM

අයියෝ ඇමැතිවරුන් මේ රටට මොකටද?

:       1       6

විජිත Sunday, 12 August 2018 06:23 AM

අපට දුම්රිය එපා. මේ අය කරන නීති විරෝධී වැඩ වර්ජන වලට විරුද්ධව කටයුතු කරන්න. විකල්ප පිරිසක් (හමුදාවේ හෝ රජයේ සේවයේ වෙනත් රැකියා කරන) දුම්රිය ධාවන කටයුතු වලට පුරුදු කරන්න. නැත්නම් හැමදාමත් අසාධාරණ ඉල්ලීම් වලට යටවෙන්න වෙනවා.

:       212       1202

amila Sunday, 12 August 2018 06:30 AM

අන්තිමේ ජනපතිම පත්තරේ බලලා විසඳුමක් දෙනකන් ඉන්න වුනා. වැඩ බැරි ප්‍රවාහන ඇමති කෙනෙක් ඕනෑ නෑ. යන යන තැන නිදි. වෙනවෙන ඇමැතිලා තමන්ගේ විෂය පැත්තකින් තියලා ප්‍රවාහන ගැටළු ලිහන්න හදනවා. කොච්චර ලොකු කතා කිව්වත් වර්ජකයෝ අන්තිමේ දිනුම්. ප්‍රවාහන අමාත්‍යංශය ජනපති යටතට ගත්තා නම් සල්ලිත් ඉතුරුයි. දවස් හතරක් රටේ ප්‍රධානම ප්‍රවාහන අංශය නැවතිලා රටට විශාල පාඩුවක්, වැඩ කරන ජනතාව පාසල් ළමුන් මහපාරේ දුක් විඳිනවා. වග කිවයුතු බලධාරීන් ඇස් කන් පියන් ඉන්නවා. අපේ රටට ගිය කලක්...

:       1       19

පුෂ්පකුමාර Sunday, 12 August 2018 06:44 AM

මාෆියා කාරයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට නම් කියාපු කෙනා. මාෆියා කාරයන් මඩු වලිගෙනුත් තලලද?

:       1       2

සතයපාල Sunday, 12 August 2018 07:01 AM

මොන බම්බුවකටද දන්නේ නැහැ දවස් හතරක් කට ඇරගෙන බලාගෙන හිටියේ? එදාම ඔය ඉලව්ව දීලා දාන්න තිබුණා හිටං....

:       1       37

සතයපාල Sunday, 12 August 2018 07:02 AM

මෙහෙම නායකයින් නම් පොල් පිත්තකින් කපා ගන්න තිබුණා.

:       1       17

erdiSunday, 12 August 2018 11:46 AM

සත්‍යපාල මහතා, වත්මන් රජයෙන් පලිගන්න ජනාධිපතිගේ වුමනාවකටද මේ වර්ජනය සිදුකළේ? නැතිනම් රට පාලනය කරන රජය සමග මිස ජනාධිපති ළඟ විසඳුම් කොහෙද? අද රජය යම් දෙයක මිල වැඩි කළොත් හෙට ජනපති පහත හෙලනවා. ඒ කියන්නේ ජනපතිත් කාටහරි කඩේ යනවා.

:       0       5

Shaiwal Sunday, 12 August 2018 07:27 AM

අයියෝ ඇයි නැවැත්තුවේ... අපි මේ හෙට ඉඳලා දෙන්න හිටියේ ස්ට්‍රයික් කරපු එ් අයගේ ගෙවල්වලට ගිහින්. අපරාදේ... ඊළඟට ඩොක්ටර්ස්ලා...

:       2       17

Asanka Sunday, 12 August 2018 08:23 AM

මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දෙ බලාගෙන කරන මැදිහත් වීම් නිසා කිසිම අමාත්‍යවරයෙකුට ස්ථිර විසඳුම් දීලා ප්‍රශ්න විසඳන්න බැරිවෙනවා. මේකෙන් තවත් ප්‍රශ්නේ අවුල් වෙනවා. මේවා දේශපාලන වැසි තකා කරන මැදිහත් වීම්...

:       1       146

සනත් Sunday, 12 August 2018 08:27 AM

මේ මිනිස්සු කොහොමද මෙච්චර ඕටී ගන්නේ? ඩ්‍රයිවර් කෙනෙක් මාසෙකට ලක්ෂ දෙකක් ඕටී ගන්න නම් දවසේ සෑම තප්පරයකම හැමදාම කෝච්චිය ඇතුලෙම ඉන්න ඕනෑ. මේක වංචාවක් කියලයි මම නම් හිතන්නේ. අපේ අප්පච්චි මට කියලා තියෙන්නේ රාජකාරිය දේවකාරියක් කියලා හිතන්නයි... ආණ්ඩුවේ සල්ලි දෙවියන්ගේ සල්ලි කියලා හිතාගෙන හොරබොරු නොකර රාජකාරිය කරන්න කියලයි. ඒක නිසා මං මාසෙකට ලබාගන්න පුළුවන් රුපියල් ලක්ෂයක විතර දීමනා, ඕටී කිසිම දෙයක් ගත්තේ නැහැ.

:       1       15

kumarar Sunday, 12 August 2018 08:41 AM

හූ හූ ... ගුටිත් කාලා නිකන් පච වුණානේ...

:       1       5

Lal Sunday, 12 August 2018 08:42 AM

මහජනතාවගේ සාධාරණ කෝපය ඇවිලෙන කොට, කාගේ හරි ඇඟේ එල්ලිලා ස්ට්‍රයික් එක නවත්ත ගන්නයි ස්ට්‍රයික් කාරයින්ට ඕනෑ වුනේ.. කාට කාටත් මේක හොඳ පාඩමක්.. විශේෂයෙන්ම දොස්තරලාට.. ඒ ගොල්ලන්ටත් හොඳ පෝරියල් එකක් ලඟදීම මහජනතාවගෙන් ලැබීම වැළැක්විය නොහැකියි.. මම හිතනවා ජේ.ආර්. 80 වර්ජකයින්ට උගන්නපු පාඩම මේ අයටත් දිය යුතුයි..

:       1       126

රවින් Sunday, 12 August 2018 08:42 AM

අනේ අපොයි මෙහෙමත් රටක්... දුම්රිය ඩ්‍රයිවර්ගේ රැකියාවට අධ්‍යාපන සුදුසුකම් මොනවද? රජයේ විශේෂඥ වෛද්‍ය වරෙයකුගේ රැකියාවට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද? පහුගිය දවස්වල ප්‍රවෘත්ති වල තිබුණු විදියට සමාන අයිතීන්. පිටරට ගිය උගතුන් මෙරටට නැවත එයිද? නොකෙරෙන බේතට කෝඳුරු තෙල් හත් පට්ටයකුත්, ටිකකුත් අවශ්‍යයිලු නේද?

:       1       23

erdi Sunday, 12 August 2018 10:59 AM

වත්මන් රජයෙන් පලිගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වුමනාවකටද මේ වර්ජනය සිදුකළේ? නැතිනම් රට පාලනය කරන රජය සමග මිස ජනාධිපති ළඟ විසඳුම් කොහෙද? අද රජය යම් දෙයක මිල වැඩි කළොත් හෙට ජනපති පහත හෙලනවා. ඒ කියන්නේ ජනපතිත් කාටහරි කඩේ යනවා.

:       1       15

Mahee Sunday, 12 August 2018 11:26 AM

අපේ රටේ ආණ්ඩු දෙකක් තියෙනවා කියන එක නම් පැහැදිලියි. ආණ්ඩු දෙකම වැඩකරන්නේ අපේ තුට්ටු දෙකට බර දාලා තමන්ගේ කශේරුකා අතරින් පතර ගැලවිලා තිබීමේ අඩුව වහගන්න. මොකක් වුණත් දැන් අනික් සකලවිධ සමිති සමාගම් කාරයින් ටික සම අයිතිවාසිකම් ඉල්ලනකොට ඉතුරු කොඳු ඇට ටිකත් නවා ගෙන දෙකට නැමෙන්න සුදානම් වෙන්න වෙයි.

:       0       0

sil Sunday, 12 August 2018 05:39 PM

මහ පොළවෙ පය ගහලා, ජනතාව ගේ හදවතට ලංව ඉන්න ජනාධිපතිතුමා එක හමුවෙන්ම ප්‍රශ්නය විසදුවා. ජනාධිපතිතුමාට ජයවේවා

:       102       0

Wiraj Tuesday, 14 August 2018 06:11 AM

ජනාධිපති සමග කතා කල බවට මගීන්ට පිළිගත හැකි කිසිම සාක්කියක් නොමැත මෙය පට්ටපල් බොරුවකි. කිසිම තැනක පින්තුරයක් පලකලේ නැත.

:       0       40

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

හල්දුම්මුලේලේ කැලිපාණාවල ගම නොපෙනී යයි
2023 දෙසැම්බර් මස 10 7643 4

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින්


අඳුරු වූ රටට පැය හයකට පසු ආලෝකය
2023 දෙසැම්බර් මස 09 4515 4

විදුලිය බිඳ වැටී පැය හයකට පමණ පසු දිවයින පුරාම විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩය දැනුම් දුන්නේය.


A සමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා
2023 දෙසැම්බර් මස 08 9300 12

අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ.


ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි-භික්ෂූහු තෙනමක් අපවත් වෙති
2023 දෙසැම්බර් මස 07 9382 37

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ ⁣හත්දහසකට ආසන්න විදුලු බිලක් න


දින හතේ නිවුන්නු විසි පන්දාහට විකුණන්න හදලා
2023 දෙසැම්බර් මස 07 1989 10

ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන


මාතර අධිකරණයෙන් පැන්නූ තවත් අවි දෙකක් සමග ව්‍යාපාරිකයෝ තුනක් සැකපිට
2023 දෙසැම්බර් මස 06 1704 1

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පාතාලය ඇතුළු පිටස්තර පුද්ගලයින්ට අලෙවි කර තිබු තවත් රිවෝල්වර ගිනි අවි දෙකක් සමග ව්‍යාපාරි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1032 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 782 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4811 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site