(මහින්ද නිශ්ශංක)
දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද(7) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම ශ්‍රේණින් සඳහා අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව වැටුප් වැඩිකිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බව ඔහු කියා සිටියේය.
මේ අතර ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ආසන්නයේදී මොවුන් බොර දියේ මාළු අැල්ලීමටයි මේ සැරසෙන්නේ. මගී ජනතාව වන අප මෙය ඉක්මණින් අවසන් නොවන්නේ නම් අප ගෙවූ මාසික ප්‍රවේශ පත්‍රයේ අඩුව ලබන මසදී ගැනීමට ඔබලාව මුණ ගැසීමට එන්නෙමු. එවිටත් මෙසේ වර්ජන කර අපට අවශ්‍ය සහනය ලබා දීමට ඔබට සිදුවනු ඇත. නොඑසේනම් අප අතට බලය ගෙන ඔබගෙන් අවශ්‍ය සේවය අප ලබා ගන්නෙමු.
අනේ මෙහෙමත් රටක් !!!
වැඩබැරි රජයේ තවත් වැඩක්....
තමන්ගෙ රාජකාරිය හරියට කරන්නේ නතුව පඩි ඉල්ලන්න එපා.... කවදාවත් දුම්රිය වේලාවට යනවද? එව්වත් කරනවා නම් කමක් නැහැ.
ජය වේවා ඔය සටනට. සියලුම ඉල්ලීම් දිනා ගන්න ලැබේවා. අපගේ සම්පුර්ණ සහයෝගය ඔබතුමන්ලටයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයේ වර්ජනය කිරීමෙන් දරුවන් සහ දෙමව්පියන් කොපමණ අපහසුතාවයකට පත් වෙයිද? අවම වශයෙන් දරුවන් පිළිබඳවත් සිතන්න.
කඩාකප්පල්කාරී ක්‍රියාවන්... ගමනාගමනය බිඳ වැටුණාම මුළු රටම ඇද හැලෙනවා.
රටේ සමහර ප්‍රදේශවලට ප්‍රවාහනයකට තියෙන්නෙ කෝච්චි විතරයි. ඒ ප්‍රදේශවල මිනිස්සු අද රැකියාවට ආවෙ කොහොමද? ඔය ස්ට්‍රයික් කොරනවායි කියන ඇත්තන්ට මනුස්සකමක් කියලා එකක් නැද්ද? වැඩ කරන්නෙ නැතිව එදා වේල හොයා ගන්ඩ බැරිව අසරණ වෙන මිනිස්සු ඉන්නවා. උන් හූල්ලන සාපයෙන් තමුන්නැහෙලාට විතරක් නෙවෙයි මහත්වරුනි, තමුන්ලා ජාතක කරපු අයට පවා පල දෙයි. ආණ්ඩුවත් එක්ක තියෙන අවුල් විසඳා ගන්ඩ තමුන්නැහෙලා පාවිච්චි කොරන්නෙ අහින්සක මිනිස්සුන්ව. අකුණු ගගහ වහිද්දි එළියට නම් බහින්ඩ එපා. මේක තමුන්ලගෙ පවුල්වල ඇත්තන්ටත් කියන්ඩ ඈඈඈ.............
ජනපති තුමනි, වහාම පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරන්න. අපගේ දුවා දරුවන්ගේ විබාගයෙනුත් පලි ගැනීමටයි මොවුන් මේ සැරසෙන්නේ.
ජර්මිනියේ තෙල් මිල වැඩිකරපු අවස්ථාවේ ජනතාව ක්‍රියා කරපු ආකාරය සොයා බලන්න නමුත් අපේරටේ ජනතාව දෙකට තුනට බෙදිලා දේශපාලකයන්ට කඩේ යනවා තමා පෙන්නේ දාල තියෙන අදහස් බැලුවම. අපේ රටේ බදු මුදල් වැඩි ප්‍රමාණයක් බුක්ති විදෙන්නේ වැඩකට නැති දේශපාලකයෝ
දේශපාලකයන්ට මොනවා කරත් දැනෙන්නේ නැහැ. හැමදාම අහිංසක මහජනතාව දුක්විඳිනවා. මේකෙනුත් අපි විතරක් දුක්විඳිනවා.
මෙයාලා ගෙදර යවන්න.... ඔක්කොම අලුතෙන් බඳවා ගන්න කොන්දේසි ඇතුව...
රටේ නීතියක් නැති පාටයි පේනේනේ. ඒ අස්සේ මේ සභාපතිලා එකෙක් දෙන්නෙක් අල්ලා උල තිබ්බොත් හරියයිද?