IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි


(අමල් වික්‍රමරත්න)


දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ලබන නොවැම්බර් 01 වනදා සිට 50 % කින් ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම මෙතෙක් ඉතාම ලාබදායී වූ බව භාණ්ඩ ප්‍රවාහනයට උනන්දුවී සිටි බොහෝ දෙනෙක් පවසති.


කෙසේ නමුත් මෙම ගාස්තු සංශෝධනය වසර ගණනාවකට පසුව කළබව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.


මේ අනුව වාණිජ නොවන පුද්ගලික අවශ්‍යතාවලට ප්‍රවාහනයකරන භාණ්ඩ සදහා කිලෝ ග්‍රෑම් 25 දක්වා අවම අයකිරීම රුපියල් 50.00 වන බවදුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මෙතෙක් පැවති ගාස්තුක්‍රමය වෙනස් කරමින් වාණිජ අවශ්‍යතා සදහා අයකරන ගාස්තු ප්‍රමාණය සහ වාණිජ නොවන ආකාරයේ ගාස්තු යනුවෙන් ක්‍රමදෙකකට ගාස්තු අය කිරීමට ගත් තීරණය නිසා මහජනතාවගේ පුද්ගලික අවශ්‍යතාවලදී මෙම ගාස්තු ක්‍රමයේ යම් සහනයක් දීමට හැකිවූ බවද එම ප්‍රකාශකයා පැවසීය.



අදහස් (6)

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි

sam Saturday, 28 October 2017 08:21 AM

මේ ගාස්තු වැඩි කරපු එකේ වරදක් නැහැ. මිල වැඩි කලාට පස්සෙත් රුපියල් පනහකට කිලෝ විසිපහක් ගෙනියනවා කියන්නේ තාම අය කරනවා ඇත්තේ සිලිං, පැන්ස වලින් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.

:       51       104

Ranjan Saturday, 28 October 2017 09:18 AM

දුම්රිය ගාස්තු වැඩි කර අලුත් දුම්රිය ගෙන්වා හොඳ සේවයක් ලබා දෙනවා නම් ඕනේ තරම මිනිස්සු ඉන්නවා ආදරෙන් දුම්රියේ ගමන් කරන්න. දැන් කට්ටියම දොස් කියාවි. මෙවැනි සුළු මුදලකට නවීන පන්නයේ දුම්රිය ගෙනවිත් හොඳ සේවයක් දෙන්න බැහැ. අරක්කු වල මිල ඉහළ ගියාට කවුරුවත් කතා නොකර කියන මුදලට අරගෙන යනවානේ...

:       0       41

Chula Seneviratne Saturday, 28 October 2017 09:21 AM

ප්‍රධාන නගර අතර භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය වැඩිපුර යොදවන්න. මහපාරේ වාහන තද බදය අඩු කරන්න. සිමෙන්ති, ගඩොල්, සීනි, හාල්, අැස්බැස්ටෝස් ශීට්, වගේ බර ද්‍රව්‍ය නිසා ප්‍රධාන පාරවල් අවහිර වෙනවද?

:       0       15

ධම්මික Saturday, 28 October 2017 10:03 AM

යහපාලනයේ තවත් යෝධ පියවරක් ඔබේ දෝතට.

:       86       105

dias Saturday, 28 October 2017 01:38 PM

ඇත්ත වශයෙන්ම දුම්රිය ගාස්තු වැඩිකොට. හොඳ දුම්රිය සේවයක් ලබා දෙන්න. උදේ 09 ට මහනුවර සිට ඇල්ල දක්වා රුපියල් 2000 ක මුදලකට සුව පහසු දුම්රියක් ධාවනය කරවන්න. විශේෂයෙන්ම විශාල සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්නවා ඇල්ල දක්වා යන්න.

:       0       80

සෙනෙවි Sunday, 29 October 2017 12:30 PM

සිරිපාල ඇමතිතුමා ගිය තැනක ඔහොම දේවල් කරනවා

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site