IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දේපොළ රාජසන්තක කළ ලැයිස්තුව ලබන වසරේ

ඌව වෙල්ලස්ස සටනේ සිටි වීරයන් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත්කිරීමේදී මරණීය දණ්ඩනයට හා රටින් පිටුවහල් කිරීමට ලක්වූවන්ට ප්‍රමුඛතාවය දීමට සිදු වූ බවත් දේපළ රාජසන්තක කළ පිරිස් ඊට ඇතුලත් නොවන බවත් එම නම් ලැයිස්තුව සැකැසූ පංච පුද්ගල කමිටුවේ සාමාජික ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා පැවැසීය. 
 
ආචාර්ය වීරසිංහ මහතා මෙම අදහස පළ කළේ වීරයන්ගේ නම් ලැයිස්තුව සැකැසීමේදී දේපළ රාජසන්තක කළ පිරිස්වලට ප්‍රමුඛතාවය ලැබී නැතැයි ඔවුන්ගේ ඥාතින් පිරිසක්   කළ දැනුම්දීමක් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි. 
 
දේපළ රාජසන්තක කළ පිරිස් ගැන සඳහන් ගැසට් නිවේදන විශාල සංඛ්‍යාවක් පවතින බැවින් කෙටි කාලයක් ඇතුළත එය සකස් කර අවසන් කිරීමට නොහැකි යැයි කී හෙතෙම වීරයන්ගේ නම් ඇතුලත් පරිපූර්ණ ලැයිස්තුව වෙල්ලස්ස කැරැල්ලට වසර දෙසීයක් සපිරෙන ලබන වසරේදී සකස් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

දේපොළ රාජසන්තක කළ ලැයිස්තුව ලබන වසරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site