(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
දත්ත මකා දමා විකෘති කරන ලද සංයුක්ත තැටි කොමිසමට බාරදීම සම්බන්ධයෙන් සුදුසු නීතීමය පියවර ගන්නා ලෙස බැඳුම්කර කොමිසම නීතීපතිවරයාට අද (31) නියම කළේය.
ඒ සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ තොරතුරු තාක්‍ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත‍්‍රී මහතා කොමිසම හමුවේ කළ හෙළි කිරීම් ඇතුළත් සාක්කි සටහන් නීතීපතිවරයාට යොමු කරන ලෙසද කොමිසම වැඩිදුරටත් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහත්වරුන් කොමිසමෙන් කළ ඉල්ලීම්කට අනුව එලෙස නියම කෙරිණ.
ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා-පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙම කොමිසමට බාරදීලා තියෙන සංයුක්ත තැටි වල යම් යම් කොටස් කපා හැර තියෙනවා. එම සංයුක්ත තැටි විකෘති කරලා තියෙනවා කියන එකද ඔබ කියන්නේ?
පිළිතුර - ඔව්. එය නිවැරදියි.
මෙම සාක්කිකරුගේ ප‍්‍රකාශය අනුව පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙම කොමිසමට බාරදී ඇත්තේ විකෘති කරන ලද සංයුක්ත තැටි වන නිසා එම සංයුක්ත තැටිවල මුල් පිටපත් කොමිසමට ඉදිරිපත් කරන ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැණුම්කාර නුවන් සල්ගාදු නමැත්තාට නියම කරන්නැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම එම ඉල්ලීමට අවසර දුන්නේය.
මේ අවස්ථාවේදී යළිත් වරක් කොමිසම ඇමතූ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මෙම සිද්ධිය අපරාධමය වරදක් ලෙස සළකා මෙම සාක්කිකරුගේ සාක්කි සටහන් සුදුසු පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා වෙත යැවීමට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
යම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදී දත්ත විකෘති කිරීම අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ අපරාධයක් යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කීය.
මේ සම්බන්ධයෙන් නුවන් සල්ගාදු නමැත්තා වහාම අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට නියම කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතීපතිවරයාට යොමු කළ යුතු යැයිද පැවසීය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම සඳහා සාක්කිකාරුගේ හෙළි කිරීම් නීතීපතිවරයාට යොමු කළේය.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා කොමිසම අමතමින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝග ලබා දීමට කොමිසමට බලයක් නොමැති බවත් ඒ ගැන නිවැරදිව වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දත්ත විකෘති කිරීම ගැන නීතිමය පියවර ගන්න
Chanak Los angeles Friday, 01 September 2017 12:23 AM
හොරකම් කරලා මදිවට නීතියටත් බොරු කරලා නේද ? නඩුවක සාක්ෂි කරුවෙක් සාක්ෂි/විස්තර දෙන්නේ තමා සත්‍ය ප්‍රකාශ කරන බවට ජනරජයට දිව්රලා . එසේනම් එම රෙගුලාසිය උල්ලංගනය කර අසත්‍ය දේ මගින් කොමිසම නොමග යෙවීම වෙනුවෙන් වෙනම චෝදනාවක් ගොනුකළ යුතුයි .