සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද
මුහුණු ආවරණය කරගෙන පැමිණි තිදෙනෙක් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු වන ප්‍රියන්ත වනිගරත්න මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
අද (30) අලුයම මෙම නිවස ඉදිරිපිටට පැමිණි මුහුණු ආවරණය කර ගත් තිදෙනෙකු තමන් දික්වැල්ල පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින් බව පවසා නීතිවිරෝධි ආයුධ නිවස තුළ ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා නිවස පරික්ෂා කිරිමට දොර විවෘත කරන ලෙස ඔවුන් නිවසේ පිටත සිට ඉල්ලා ඇත.
එම අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයාගේ බිරිඳ පැමිණ නිවසේ දොර විවෘත කළ විට මුහුණු ආවරණය කර ගත් තිදෙනා දැක කෑගසා තිබේ. එවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රි වනිගරත්න මහතා පැමිණ බලන විට මුහුණු ආවරණය කර ගත් තිදෙනා දැක දොර වසා දමා දුව ගොස් කාමරයකයට ඇතළු වී එහි දොර වසා ගෙන තිබේ.
ඊට පසු මොවුන් තිදෙනා නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ ඇතුලේ ප්‍රශ්නයක් වගේ, සමහර විට ලැයිස්තුවේ ඊළඟට ඉන්න කෙනාට සභාවට යන්න හදිස්සිද දන්නේ නැහැනේ!