(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න)
විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර ප්‍රදේශවාසීහු පවසති.
මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇති බවයි.
ගාල්ල ,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස ප්‍රදේශවලටද මෙම ශබ්දය ඇසුණු බව වාර්තාවෙතත් සිද්ධියක් දුටු කෙනෙක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
ඇඹිලිපිටිය අපිත් දැක්කා මේක...
මෙය කඩා වැටීමට නියමිතව තිබුණු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටසක්ද දන්නේ නෑ..
එය චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක දෙයක් වත්ද?
අර මනුස්සයා බඩු එවලා වත්ද? සම්බාධක එහෙමත් දැම්ම නේ ...
අපි ඉන්නේ කොළඹ.. අපිත් එළියක් දැක්කා 8.30ට විතර..
ටොන් 8ක් බරැති චීනයේ ටන්ගොන් 1 නමැති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයද පාලනයෙන් තොරව පෘථිවිය වෙත කඩාවැටීමට ඉතා අසන්න බව පසුගියදා වාර්තා විය. කඩා වැටෙන දිනයක් වේලාවක් හෝ ස්ථානයක් පිළිබඳව පැවසීමට නොහැකි බව චීන අභ්‍යාවකාශ එ්ජන්සිය පවසා ඇත. මෙම ශබ්දය හා ආලෝකය ඊට සම්බන්ධයක් තිබිය හැකිය.
මම දැක්කා 8.45ට විතර ඉතාමත් දීප්තිමත් එළියක් වල්ගයක් සහිතව. පොළවට අඩි 50ක්, 60ක් විතර උසින් පොළවට සමාන්තරව වේගයෙන් ගියා. මම දැක්කේ ගාල්ල, කරාපිටියට ආසන්න හිරිඹුර ප්‍රදේශයේදී...
ලංකාවේ ගම්වල සමහරුන්ට එක එක කාලවල අභූත දෝෂ හැදෙනවා එක රැල්ලට. ලංකාවේ මිනිස්සු මානසික අසහන හැටියට වෛද්‍ය ප්‍රතිකාර ගන්න යන්නේ පිස්සු හැදුනම විතරයි.
මම දුටුවේ විශාල නිල් ආලෝක ධාරාවක් පොළව මට්ටමේ සිට අඩි 400 තරම් ඉහල අහසේ සිරස් අතට ගමන් කර අතුරුදන් වී ගිය ආකාරයයි. මේ ආලෝකය කොතරම් දීප්තිමත්ද කිවහොත් රාත්‍රී කාලයේ ගස්වල මුදුන් පවා දැකගැනීමට හැකිවිය. ඉන් තත්පර 30 ක් වගේ කාලයකට පසු විශාල පිපුරුම් හඬක් දකුණු දෙසින් ඇහුණා. අපි ගාල්ලේ තවලම ප්‍රදේශයෙන්...
මේ සේවාව ඉතා වටිනවා
ඔන්න දැන් නම් ලෝක විනාසය ළඟයි වගේ , කට්ටිය කටවල් පරිස්සන් කරගෙන හිටියොත් හොඳයි වගේ
දකුණේ අපිට පිහිට වෙන්න දෙවියෝ ඇවිත්.. සාදු සාදු සාදු.
හොරණ මමත් දැක්ක නිල්පාට ආලෝක ධාරාවක්.
කව්ද මේකට මේ උල්කාෂම ,උල්කාපාත කියන අය මේක ෂුවර් එකටම පිටසක්වල යානයක් අපේ"යහපාලනෙන් " උපදෙස් අරගෙන යන්න ආපු එකක් ඔන්න බලන්න හෙට අනිද්දම අපේ උතුමෙකුගේ ශ්‍රී මුකයෙන් සත්‍යය වදාරවී ! එතකන් ඉන්න ඉවසීමෙන්
ඔය කියන ශ්‍රී මුඛය ඇත්තේ කොහිද? දන්තාචාර්යෙක් ළඟද. මුඛය උඩ වාඩිවී කතාකරන්නෝ ඉඳීවිද?
මමත් ඊයේ 8.30 පමණ දෙමටගොඩ දී මෙය දුටුවා ......මම හිතනවේ කාටහරි යවන ලද ආලෝක සංඤාවක් කියලා...
ලංකාවට කිට්ටු රටවල පත්තර බැලුවොත් දකින්න පුළුවන් එ් රටවලත් ඕක දැකල කියල.
අර පරණ කොටින්ගේ කුරුම්බැට්ටි ගුවන් යානයක්වත් දන්නේ නෑ!
හනිකව අහසට දෙසට දෑත් යොමුකර වදින්න. මේකනම් දේවතා එළියක්.