IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


දඔුල්ලෙන් දිනකට ලක්ෂ 25 ක ආදායමක්

දඹුල්ල ලෙන් විහාර  නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිකරිමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
 
රන්ගිරි දඹුලු ලෙන් විහාරයන්හි සංරක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වහාම ඉවත් වන ලෙස විහාර පාර්ශ්වය දැනුම් දුන්න ද ඒ සඳහා හේතුවක්  ප්‍රකාශ නොකළ බවද හෙතෙම කීවේය.
 
දඹුලු ලෙන් විහාර සංකීරණ සංරක්ෂණ කටයුතු රජය විසින් කඩිනම් කළ යුතුව ඇති බව ද ඒ සඳහා සියලු පාර්ශ්ව එකගතාවයකට පමිණිය යුතු බවද ගුණවර්ධන මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ අද(26) පැවති මාධ්‍ය හමුවකදීය.
 
044



අදහස් (11)

දඔුල්ලෙන් දිනකට ලක්ෂ 25 ක ආදායමක්

de silva berlin Monday, 26 June 2017 06:34 PM

ඔච්චර විශාල මුදලක් දිනකට හම්ඹ කරට සංචාරකයන්ට ඔබල දෙන පහසුකම් මොනවද ? අඩුම තරමේ පිරිසිදු වැසිකිලි පහසුකමක් වත් දෙනවද ? ඔය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හරිම දුර්වලය , ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය හැමදාම දුර්වල මොවුන් නිසාය , කලාපයේ අනිත් රටවල් සමග තරඟයක් දෙන්න අපිට අමරුය

:       20       217

d.upul Monday, 26 June 2017 06:45 PM

හොරා කෑම හා ගසා කෑම අතින් අපි මොන තරම් ඉදිරියෙන් ඉන්නවද කිව්වොත් සිගිරිය බලන්න එන දේශීය සංචාරකයකුගෙන් රු.50 ක් අයකරනකොට විදේශිකයකුගෙන් රු.4500 ක් අයකරනවා.

:       0       228

akila Tuesday, 27 June 2017 01:50 AM

බෞද්ධ සිද්දස්ථාන වලින් අදායම් ලබන එක නම් ආගමට නිගාවක් , මේක දුප්පත් බෞද්ධ ් පවුල් වලට උදව් කිරීමට යොදවනවානම් තව කමක් නැහැ

:       214       107

sarath Tuesday, 27 June 2017 02:11 AM

දඹුල්ල පන්සලට යන්න ලොකු පෝලිමක් ඇති මයේ හිතේ .ඇයි මේ තරම් බොරු කියන්නේ.මිලියන 25ක් ලැබෙන්න කී දෙනෙක් දවසකට පන්සල නැරඹීමට ආයුතුද ? මේ ආණ්ඩුව කරන්නෙම බොරු .පන්සල් වල පින් පෙට්ටි කඩන්නත් මේ ආණ්ඩුව කුජීත වෙලා

:       407       1275

sachith Tuesday, 27 June 2017 02:58 AM

පන්සලේ අදායම ආණ්ඩුවෙන් ගන්න එකටනම් එකග නැ, හැබැයි මෙහෙම පන්සල් වල සල්ලි පොදි ගහන්න දෙන්න හොද නැ. මහනායක හාමුදුරුවෝ මූලික වෙලා මේවා කළමනාකරණයට වැඩපිළිවෙලක් හදන්න. දුෂ්කර පළාත්වල කොච්චර පන්සල් තියෙනවද.

:       5       54

ලුම්බිණි Tuesday, 27 June 2017 03:00 AM

දේශීය සහ විදේශිකයන් ගෙන් ගණන් දෙකක් අය කිරීම ඉතාම වැරදියි සහ අසාධාරනයි. මේක නොදියුණු කමේ ලකුණක්. ඉන්දියාවේ නම් මෙහෙම දේවල් තියෙනවා.

:       29       84

kamal Tuesday, 27 June 2017 03:51 AM

සරත් මහත්තයෝ,... මුදල් අය කරන්නේ විදේශීය සංචාරකයන්ගෙන් පමණයි.

:       0       0

Gihan Tuesday, 27 June 2017 05:28 AM

යහපාලනේ පන්සලේ පිංකැටේ කඩයි.

:       0       0

menna Tuesday, 27 June 2017 12:04 PM

භය වෙන්න එපා විකුණා ගෙන කන්න තරන් දෙයක් ඉතිරිවෙන්නේ නැහැ වගේ. ලෙනේ චිත්‍ර අවදානම් සහගතයිලු. විදිශිකයෝ එන්නේ විහාරය වඳින්න නෙමේනේ. ඔය හන්බ කරනවයි කියන සල්ලි වලින් චිත්‍ර සංරක්ෂණය ගැනත් හිතන්න වෙයි.

:       0       0

wasanjaya Tuesday, 27 June 2017 03:42 PM

මමත් පුංචි සංදියේ දඹුලු ගල නැගල විහාරය වන්දනා කෙරුව මට මතකෛ එදා සතයක් වත් අය කලේ නැහැ ඔය ඇතුල් වෙන තැන තියෙන තෝරන් එදා තිබුනේ නැහැ දැන් බාර කාර හාමුදුරුවරු රන්ගිරි දඹුලු විහාරය වෙළද භාණ්ඩයක් කරගෙන හරිම දුකයි

:       0       0

desilva berlin Thursday, 29 June 2017 06:58 AM

උපුල් ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත... ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන වලට ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර වලින් සංචාරකයන්ගෙන් ගසා කන ආකාරය ගැන සවිස්තරාත්මක ලිපියක් දැනට මාස 2 කට පමණ පෙර යුරෝපයේ සඟරාවක පලවෙලා තිබුණා. මේවා දැක්කහම සංචාරකයෝ අපේ රටට ඒවිද? කරුණාකර සංචාරක ඇමති, විදේශ ඇමැති මෙම ප්‍රවේශ පත්‍ර වලින් වන අසාධාරණය ගැන සොයා බැලිය යුතුය, අගමැතිතුමනි ඔබතුමා කියන පරිදි විදේශ ආයෝජකයෝ ගෙන්වා ගන්න නම් අප විදේශිකයන් සාදරයෙන් පිළිගෙන, උදවු උපකාර කරන අවංක ජාතියක් කියල ලෝකයට පෙන්විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30766 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12787 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 246 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site