( නිමල කොඩිතුවක්කු)
තේ වගාව සඳහා පවතින ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිම සම්බන්ධයෙන් ලබන සතියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(21) කොළඹදී පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව ග්ලයිෆොසේට් තහනම තේ වගාවෙන් ඉවත් කිරිම සඳහා ගෙන ඇති තීරණයේ ඉදිරි පියවරක් ලෙස මෙම තීරණය ගන්නා බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව සදහන් කළේය.
ලෝකයේ දියුණු රටවල් පවා වැවිලි කර්මාන්තය සදහා ග්ලයිෆොසේට් යොදා ගන්නා බවත් ඉන් සිදුවන හානියක් පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම කෘෂි කර්මාන්තය සඳහා පවතින ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන්ද විෂය බාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇතැයිද අමාතයවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමා ලෝකයේ මෙතෙක් බිහිවූ මහා පරිසරවේදියා බහුජාතික සමාගම් වල බලපෑමට යට නොවී පරිසරයට ජීවීන්ට අයහපත්, ඇස්බැස්ටෝස්, ග්ල්යිෆොසේට්, දුම් වැටි, මත්පැන් , තහනම් කර ලෝක නායකයින්ට මහඟු ආදර්ශයක් දුන් කෙනෙක් හැටියට ඉතිහාසගත වීම අපට මහත් ආඩම්බරයක්...
අපේ ජනාධිපති තුමාට ලොකු කඩුවකුත් තියනවා වැරදි කරන්නේ පරිස්සමෙන් !!!!
දැං මේ තහනම් කරපු එකේ තහනම ඉවත් කරන්නේ ඒ ගැනත් සෙනවිට ආඩම්බරද. ආයෙත් ලෝකෙ බලවත් සමාගම්වලින් එන කුට්ටියට ආස හිතිල වෙන්න ඇති.