(දසුන් රාජපක්ෂ)
යහපාලන ආණ්ඩුව යටතේ පත්කළ හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තහවුරු කරගත් බුද්ධි තොරතුරු ලබා ගැනීමට කටයුතු නොකළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවකු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (09) ප්‍රකාශ කළේය.
බුද්ධි සේවා ප්‍රධානී අධ්‍යක්ෂ කාර්යාලය මගින් සම්බන්ධීකරණය කළ බුද්ධි තොරතුරු ලබා ගැනීමට කටයුතු නොකළේ 2017 වසරේ සිට 2019 වර්ෂය දක්වා කාලයන්හි ආරක්ෂක ලේකම්වරුන් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් බව එම විශේෂ සාක්ෂිකරු ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.
සම්බන්ධීකරණය කළ බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරුන් අතට පත් නොවීම මගින් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වූ බවද එම විශේෂ සාක්ෂිකරු පවසා සිටියේය.
ඉහත කී ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනාට බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කර දැනුම් දීමට තමා අවස්ථා ගණනාවකදී උත්සහ කළ ද ඊට අවකාශ නොලැබුණු බවද එම විශේෂ සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේදී අද (09) පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවේ වැඩ දැන් තමයි එළියට එන්නේ...
ඔය ඊනියා ආරක්ෂක ලේකම්වරු කලේ තමන්ට භාර දුන්නු රාජකාරිය... ඒ තමයි "රටේ අනාරක්ෂාව තහවුරු කිරීම"... ඒක එම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය... දඬුවම් ලැබිය යුත්තේ අර දැන් පණ කඩාගෙන දුවන පොලිස්පතිටවත්, මේ ඊනියා ආරක්ෂක ලේකම්වරුන්ටවත් වඩා, ප්‍රතිපත්ති හදපු අයටයි.. හැබැයි ඉතිං ඒක මලාට වෙන්නේ නෑ. මොකද මිනිස්සුන්ට තාම ඒ අය වීරයින් නිසා. මේ පාරත් ඉහළින්ම දිනවා පාර්ලිමේන්තු එවනවා නියතයි!
සුදත්, යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිකම සහ විධායක ජනාධිපතිකම බාරව සිටි පුද්ගලයා දැන් ඉන්නේ පොහොට්ටුවේ.
බුද්ධි අංශවලින් දුන්න තොරතුරු නොසලකා හැරියා කියන එක මුළු රටම දන්නවා. මේ කොමිසම පොඩි ටෙලිනාට්‍යයක් විතරයි. ඡන්දෙ ඉවර වෙනකල් මේක යාවි. ඊට පස්සේ ගියවතාවේ වගේම මහා පතරංග ජාතකේ වගේ වාර්තාවකුත් දේවි. එතැනින් සේරම ඉවර වේවි. වැරැදි කාරයොත් නැහැ, දුන් දඬුවමකුත් නැහැ... කියලා කියයි. මෙහෙමත් පාලකයින් ඉන්න රටක්...