IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තහනම් පොලිතීන් වැටලීම් 181 ක්

 
 
විනීතා එම් ගමගේ                                            

           
තහනම් පොලීතින් නිපදවූ අලෙවි කළ හා ළඟ තබාගත් පුද්ගලයින් 181 දෙනෙකු මේ වසරේ මුල් මාස පහේ දී නීතියේ රැහැනට අසු කර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව ඇත. 


එම මාස හයේ දී සිදුකළ වැටලීම් 2738 කින් මෙම පිරිස අල්ලා ගැනීමට හැකි වී යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක්  පැවැසීය. 


පොලීතින් නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයින් දෙදෙනෙකු ද මෙම වැටලීම් වල දී කොටු වූ බවත් ඔවුන්ගේ නිෂ්පාදනාගාර මුද්‍රා තැබීමට තීරණය වු බවත් හෙතෙම කියා සිටියේය.


එමෙන්ම තහනම් පොලීතින්  නිෂ්පාදනයක් වන පරිසරයට හානිදායක ලන්ච්ෂීට් තොග වශයෙන් නිපදවන රාගම, තේවත්ත ප‍්‍රදේශයේ  පිහිටි කම්හලක් ද මුද්‍රා තැබූ විමර්ශන  නිලධාරිහු එම කම්හල් හිමිකරුට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය. 


කෙසේ වෙතත් තහනම් පොලීතින් බැහැර කරමින් පරිසර හිතකාමී පොලීතින් නිපදවීමට බොහෝ නිෂ්පාදකයින් මේ වන විට පෙළඹී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  
 



අදහස් (4)

තහනම් පොලිතීන් වැටලීම් 181 ක්

Cyril Thursday, 14 June 2018 05:59 PM

සෑම තරාතිරකම පොලිතින්,ප්ලාස්ටික් සම්පුර්ණයෙන් තහනම් කල යුතුය. හැමතැනම පොලිතින් මිශ්‍ර කුණු ගොඩවල් ,විදේශිකයෙකුගෙන් ඇහුවොත් කියන්නෙම බැලූ බැලූ අත කුණු ගොඩවල්,ජපන්නු මේ රටට ඉතා අඩුවෙන් එන්න හේතුව අපිරිසිදු කම .රේල් පාර දෙපැත්ත කුනුම ගොඩවල් නිමාවක් නැත.නගර ගැන කියල වැඩක් නෑ.මේක රටක්ද ?අපායද? දැඩි නීති නැතුව මුන්ව හදන්න බෑ.සිංගප්පුරුව හදාගත්තේ එහෙමය .නැත්නම් එහෙත් මේ වගේමය

:       0       0

Cyril Thursday, 14 June 2018 06:11 PM

කෝච්චියේ යන අය කනවා බොනවා ජනේලෙන් එලියට දානවා. මේකට දඩය 1000 ක් කරලා ක්‍රියාවට නැගුවානම් අඩුවෙනවා. ලාංකිකයෝ ගෝත්‍රික මට්ටමට ආසන්නයි කියූ කතවා 99% හරි. ඉන්දියාවත් මේකමයි.

:       0       0

Cyril Thursday, 14 June 2018 06:21 PM

කඩේ යනවිට ගෙදරින් මල්ලක් ගෙනියන්න. බත් එකක් කඩෙන් ගන්න යනකොට ගෙදරින් භාජනයක් ගෙනියන්න. අපි කරනවා වගේ කරන්න. රටට පරිසරයට ආදරය කරන්න. ලෝකේ ඕනෑම පිරිසිදු රටක් ඉතා දියුණුය. උපදින්නේ බුද්දිමත් දරුවන්ය.

:       0       0

Cyril Thursday, 14 June 2018 06:35 PM

රට වටේම මුහුදු වෙරළේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගානක් එකතු කල හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site