(ටී.කේ.ජී.කපිල)කොරෝනා වසංගත ත්තත්වය සමග විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය .
ස්කයි අප් ගුවන් සේවයේ ( Sky Up Air Line ) පී.කිව්.555 දරන ගුවන් යානය අද පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එම යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු සිටින අතර , මෙම සංචාරකයන් පිරිස ගුවන් තොටුපළ බැස්සවීමෙන් පසුව යළිත් අද සවස ආපසු පිටත්ව යාමට නියමිතය .
මෙසේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන්නකි . මෙහි සාර්ථකභාවය මත ඉදිරියේදී සියලු ගුවන් තොටුපළ විවෘත කර , පුළුල් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදු කිරීමට නියමිතය .
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිත බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංචරක්යිනුත් දවස් 14ක් නිරෝධායනය වෙනවද? එහෙම නැතිනම් නිරෝධායන මධ්‍යස්ථාන සංචාරක ස්ථානද?
ඔවුන් අනිවාර්යෙන් දින 3-4ක් වත් හෝටල් කාමරයක වෙන්කර නිරෝධායනය කර 5වැනි දින පීසීආර් එකක් කර 7 වැනි දින නිදහස් කරන්න. උදයංගගේ මිනිස්සු මෙ විදිහට පැමිණි දින සිට සංචාරය කරවන්නත්..., අපේ විදේශ ශ්‍රමිකයෝින 14ක් හෝටල් කාමරවල හෝ හමුදා නිරෝධායන ස්ථානවල සිරකොට තැබීම අසාධාරණය...
අනේ අපේ පාලකයන්ට මොළයක් නැද්ද?
ලංකාවෙ දුප්පත් කට්ටියට විතරයි නිරෝධායන නීති, මෙ ගොල්ලන්නට නැහැ.
කොවිඩ් අලුත් වර්ෂන් එකත් ගෙන්නලාම නැවතිලා වගේ... මෙ එන උන්දැලාගේ හිස අතගාලා බලන්න ඔනේඅං තියෙනවද කියලා... මෙ වැනි කාලෙක සංචාරයේ යන්න.
අනේ විදෙශිකයිනේ, ශ්‍රී ලාංකිකයින් කියන්නේ, සල්ලි වලට තම මව පවා විකුණගෙන කන, මෝඩ, අමනොඥ, වහල් මානසිකත්වයකින් යුත් නින්දිත ජාතියක්. ඔබලා පුළුවන් තරම් මේ රටට පැමිණ විනෝද වී ආපසු යන්න.. හැකිනම්, කොරෝන රෝගයෙන් මේ අමනයින්ගේ රට සශ්‍රීක කරන්න. මේ විපරීත අමන ජාතිය මෙ රටේ වෙසෙන තාක්කල් මේ පින් බිමට සෙතක් නැහැ. මොළය කෙසේ වෙතත්, මිනිස් ඔලු ගෙඩියක් පිහිටලා තියෙන ජාතියක් මේ වගේ තමන්ගේ ජාතියව රටින් පන්නලා විදේශිකයින්ව රටට ගෙන්වා ගන්නවා ඔබ කවුරු හෝ අසා තිබෙනවාද? නොදකින් ලෝකෙටම එකයි!!
වෙන රටවල පාලකයෝ තමන්ගෙ ජනතාවට මුල් තැන දෙනවා. ලංකාවේ ඒකෙ අනිත් පැත්ත. මොන කරුමයකට ලංකාවේ ඉපදුණද මන්දා.
ලෝකයේ දුප්පත්, පොහොසත් හැම රටක්ම සංචාරකයෝ කෙසේවෙතත් තම පුරවැසියන් රටට ගෙන්වා ගන්න කටයුතු කරනවා. අපි දුප්පත් පුරවැසියන්ට ගුවන් තොටුපළ තොටුපළ වහලානිරෝධායන හෝටල්වලට ලක්ෂ 3-4 වියදම් කරන්න පුළුවන් පොහොසත් පුරවැසියන් පමණක් රටට එන්න දෙන ගමන් සංචාරකයෝ ගෙන්වා ගන්නවා.
යුක්රේන් යනු, නැගෙනහිර යුරෝපයේ තියෙන දුප්පත්ම රටකි..
රුසියාවෙන් වෙන් වුණූ මෙ යුක්රෙනය පට්ට හිගන රටක්... හොරුන්ටයි, ජාවාරම් කාරයින්ටයි ලොකු ඇති...
එකම රටක්... එකම නීතියක්...
උදයංගගේ සනුහරෙ වෙන්න ඔනේ.... වෙන පණ ඇති කෙනෙක් මෙ කොරෝනා කාලේ කිසිම සංචාරකයක නොයෙදෙයි...
කමල් සිරිවර්ධන මහත්මයාගේ අදහස මමත් අනුමත කරමි. යුක්රෙනය යනු අඩු ආදායම්ලාභී රටකි. අපිට වැඩියෙන්ම ආදායමක් ලබන්න සංචාරකයන් පැමිණෙන්නේ ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය සහ සහ ප්‍රංශයෙනි. කිසිවෙක් මෙ රටවල් වලින් සංචාරකයින් ගෙන එන්න උනන්දු නොවෙ...
කොත්තමල්ලි වලට, තණකොළ එවපු රටෙ කට්ටිය...
රුසියාවේ කෝවිඩ් අසාදිතයන්ගේ ගණන මිලියන 3.05ක්, සමස්ත මරණ සංඛ්‍යාව 54,559 ක්, රෝගය මේ ආකාරයට බරපතල විදිහට පැතිරිච්ච රටකින් තමන්ගේ දේශපාලන හයිය සහ මෝඩකම පෙන්වන්න සංචාරකයින් ගෙන්වා නිරෝගී ශ්‍රී ලාංකිකයින් සහ හෝටල් සහ සංචාරක සේවා සපයන පුද්ගලයින් සමග මිශ්‍ර කිරීමේ ප්‍රතිඵල තව මාස දෙක තුනකින් ලැබේවි... !!!