IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තිස්ස අත්තනායකට රට යන්න අවසර

(මනෝප‍්‍රිය ගුණසේකර)

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද  (05) අවසර ලබා දුන්නේය.

කැලණි විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමයේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන ලෙස ආරාධනා ලැබී ඇති හෙයින් එයට සහභාගී වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.

ඒ අනුව ලබන 10 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 15ක කාලයක් තිස්ස අත්තනායක මහතාට ඔස්ටේ‍්‍රලියාවට යෑමට අවසර දුන් විනිසුරුවරයා අධිකරණය බාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය ඔහු වෙත මුදාහැරීමටද නියම කළේය.

පැවැත්වෙන රැස්වීමට සහභාගී වන ලෙස ආරාධනා ලැබී ඇති හෙයින් එයට සහභාගී වීමට එහි යෑමට තිස්ස අත්තනායක මහතාට අවසර දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අවසර ඉල්ලා සිටි අතර එම කරුණු සළකා බැලූ විනිසුරුවරයා ඊට අවසර දුන්නේය.
මෙම නඩුවට අදාළව තිස්ස අත්තනායක මහතාට ඇප නියම කරන අවස්ථාවේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් නියෝගයක් පනවා තිබු අතර මෙම ආරාධනාවට සහභාගී වීමට අවශ්‍ය වීම නිසා ඔහු මෙම ඉල්ලීමකර තිබිණි.

 



අදහස් (3)

තිස්ස අත්තනායකට රට යන්න අවසර

maheshika Thursday, 05 April 2018 08:17 AM

විමලේ මල්ලි කියපුව ඇත්ත එහෙනම්. තව දවස් කීපයක් ඉවසන්න තිබුනණේ. ඔය කප්පම් කතාව අදම ඔප්පුකරල පෙන්වන්න ඕනද?

:       54       1

Thunpath rana Thursday, 05 April 2018 08:26 AM

ඔබ යන්න. ආයේ එන්න. ඇවිත් දෙන්නේනම් පමණක් තනතුර භාර ගන්න.

:       0       0

pj Saturday, 07 April 2018 11:08 PM

එජාප මහලේකම් තනතුර දරන්න ඕනේ කොලපාට ලේ තිබෙන අයකු පමණයි. මෙයාගේ ලේ මොන පාට ද කියල මිනිපේ අය හොඳින් දනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site