(නිමන්ති රණසිංහ)
බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් සමාව ගැනීමට සූදානම් බව තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් රාසික් රෆයිඩීන් ඇතුළු සැකකරුවන් 6 දෙනකු සූදානම් බව අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
‘මුස්ලිම් උරුමය රැකගනිමු‘ නමැති සංයුක්ත තැටියේ ඇති දේශන මගින් බුදු දහමට අපහාස කර ඇතැයි සොරනාතොට චන්දරතන හිමියන් විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් නීතිපති දැනුවත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සී.ඩී. තැටියේ සියලුම පිටපත් නැවත කැඳවා ඒවා විනාස කිරීමට සුදුසු කටයුතු සිදු කරන අතරම මෙවැනි සී. ඩී. පට නිපදවන අයට දඬුවමක් නොදී සමාව ගැනීමෙන් පමණක් නිදහස් කිරීමෙන් මෙවැනි ක්‍රියාවලට එලඹෙන අයට ඕන අපහාසයක් කරලා පස්සේ සමාව ගත්තා නම් ඉවරනේ.... කියා මතයක් සමාජයට යා හැක.
මේ උදවියට ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න...