(අකිල බද්දෙවිතාන)
සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සයිටම් විරෝධී සරසවි සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි සිසුන් 96 දෙනකුගෙන් අද(22) දහවල් වනවිට 88 දෙනකුම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද දහවල් වනවිට සිසුන් 8 දෙනකු පමණක් ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඔවුන්ගේ තත්ත්වයද බරපතල නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ පොලිසියේ 6 දෙනකු ද ඊයේ(21) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගෙන් එක් අයකු හැර අනෙක් සියලු දෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය. එක් පොලිස් නිලධරයකුට හෘදයාබාධයක් වැළඳී ඇති බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න නායකයින්ගෙයි, ප්‍රේමදාස මහත්මයාගෙයි වෙනස දැන් තමයි තේරෙන්නේ.
මේ රටේ මිනිස්සුන්ට මොකක් හරි කලබලයක් නැතිව ජිවත් වෙන එක අමාරු වැඩක් වගේ. මෙච්චර කල් යුද්ධයක් තිබුණා. දැන් ඉස්සරහට වඩා විරෝධී පෙළපාලි. ලොකුකම අඩුකරගෙන තම තමන්ගේ වැඩ කරගන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අපි කතාවට අහල තියෙනවා තෙලේ වැඩි වුණා කියලා. දැන් ලංකාවට වෙලා තියෙන්න එ්කද?