අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අද කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිප දෙනකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එලෙස කීවේය.
ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව පීඩනයට පත් කිරීමට අදහස් නොකරන බව ද ඇමැතිවරයා ප්‍රකශ කළේය.
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බවද කලින් ප්‍රකාශ කර තිබුණද අද ඇමැති මණ්ඩල රැස්වීමේදී එවැනි මිල සූත්‍රයක් ඉදිරිපත් වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික නිස්සාර පිරිවැය යන නිසාම , " ගනු දෙනු වැඩි වෙනකොට පාඩුව වැඩිවෙන " ,ලෝකයේ ඇති එකම ව්‍යාපාරික ආයතනය විය යුතුයි...! බණ්ඩාරනායක රජයන් විසින් සද්භාවයෙන් යුතුව ජනසතුකල බ්‍රිතාන්‍යයන් විසින්මෙ මනා කළමනාකරණයෙන් පවත්වාගෙන ගිය මෙම ලාභ ලැබිය හැකි සංස්ථාවට 70 වසරක් රට පාලනය කල දෙස්පලුවන් ත තමන් ගේ හිතවතුනට ,පාක්ෂිකයනට ඉහල වටුප්සහිත රැකියා බැංකුවක් කර ඇති අපූරුව..! .මේ අතිරික්ත, නිසි රාජකාරියක් නැති සේවකපිරිස හා " කළමනාකරණය "ගැන අබමල් රේණුවක වැටහීමක් නැති දේශපාලන හිතවකම් මත මෙතෙක් කල් සිටි සෑම ඛනිජ තෙල් ඇමතියන් ගේ හිතවතුන් වූ අධි වැටුප් වරදාන ලබන ඉහල නිලධාරීන් හට ගෙවන කොටස ,මෙම පාඩුවට ඇති ප්‍රධාන හේතුවයි. මේ සමගම 2015 ජනවාරි 8 පාලනයට ස්තුතිය පුදකළ යුතුමයි මෙතෙක් කල්, අවු 3 කටත් වැඩි කලක් ස්ථාවර සහන ඉන්ධන මිලක් පවත්වාගෙන ආවාට. එකැස් චෞරීය ගේ රජයටත් සාප වෙනවා අහක යන කුණු ගොඩක් හෙවත් " ඉන්දියානු තරග කරුවෙක් " මෙම ඛනිජ තෙල් ව්‍යාපාරයට ඇමිණුවාට.
තෙල් මිල වැඩි කරන බවට අනාවැකි කිව්ව කට්ටිය දැන් කොහෙද ඉන්නේ එ අයට දුකද දැන්.
මිල සුත්‍රයක් ගැන බෙර ගැහුවේ අපිද? අන්තිමට පුස්ස බින්දා වගේ නේද? කිසිම නිශ්චිත ප්‍රතිපත්තියක් නැති, ඉස්මතු වෙන්න ඕන නිසා එකාට එකා වෙනස් මත ප්‍රකාශ කරන මෙහෙම මිනිස්සු ටිකක් නම් මෙතෙක් පැවති නම් කිසිම ආණ්ඩුවක හිටියෙ නෑ.