(නිමන්ති රණසිංහ)
කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඉන්ධන බෙදාහැරීම අක‍්‍රමවත් කර ජාතික ආරක්ෂාවට සහ මහජනයාට පීඩාවක් වන අයුරින් කටයුතු කළැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක ඇතුලූ නායකයින් 16 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (31) වරෙන්තු නිකුත් කළේය.
නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ නියමයකට අනුව ඉකුත් 26 වැනිදා වැලිකඩ පොලීසිය මගින් මෙම පුද්ගලයින් 16 දෙනාට බැදුම්කර මත පොලිස් ඇප ලබා දී අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබූණද අද (31) මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් නොවීම මත මෙලෙස වරෙන්තු නිකුත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලලා මාසයක්වත් හිරේ දමන්න. අපි උසාවි නොගියොත් වෙන්නේ ඒ ටික තමා.