දයාරත්න ඇඹෝගම
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇතැයි තලාව පොලිසිය කියයි.
මෙම බැංකුවේ නිලධාරින් අද (02) උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී බැංකුව තුල තිබූ සේප්පුවද කඩා බිඳ දමා ඒතුල තිබූ මුදල් සහ රං භාණ්ඩ සොරා ගෙන ගොස් තිබූ බව අනාවරණය විය.
පසුගිය සිකුරාදා මෙම බැංකුව ගනුදෙනු අවසන් විමෙන් පසුව වසා දමා නැවත අද (02) විවෘත කර තිබුණු අතර ඒ කාලය අතරතුරදී කිසියම් කණ්ඩායමක් බැංකුවේ පිටුපස දොරටුව කඩා දමා ඊට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉහළ ඉඳලා පහළට කවුරුත් තම තමන්ගේ දක්ෂකම් අනුව මංකොල්ල කනවා, හොරකම් කරනවා. ඉහළ කට්ටිය මං දන්නේ නෑ කියනවා. නැත්නම් මේවා මඩ ගැහිලි කියලා කියනවා. පහළ කට්ටිය අවුරුදු 20කට විතර පස්සෙ හිරේයනවා.
මහ බැංකුවත් කඩලා, දැන් මේ බැංකුවත් කඩලද?