IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තලතා අතුකොරළ රුසියාවට

(විනීතා එම් ගමගේ)

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී අද (15) සිට පැවැත්වෙන 137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය දිවයිනෙන් පිටත්ව ගියාය.

මෙහිදී ඇය විසින් අන්තර්ජාතික මට්ටමෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකීරීම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට නියමිත අතර, කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධ වන යෝජනාවක් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.
 
137 වැනි අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රධාන සැසිවාරයට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා, අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාද සහභාගිවීමට නියමිත ව ඇත.
 
ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ඉන් අනතුරුව බහමාස් රාජ්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරය සඳහා ඔක්තෝම්බර් 16 වන දින සිට 19 දක්වා සහභාගිවීමට නියමිතය.

අධිකරණ අමාත්‍යවරිය අධිකරණ අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාතික මට්ටමේ සැසියක් සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යංශවල දැනුම බෙදා හදාගැනීමටද නියමිතය.



අදහස් (0)

තලතා අතුකොරළ රුසියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site