IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තිරිඟු පිටි මිල නගී

(ආරියරත්න රණබාහු සහ රංජිත් රාජපක්ෂ)

තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වේ.

ඒ අනුව පාන් පිටි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 95 සිට 100 දක්වා ඉහළ නැංවේ.මේ නිසා බේකරි නිෂ්පාදන ඉහළ දැමීමට සිදුවන බව පැවැසේ.

තිරිඟු ඇට ආනයනය කිරීමේදී අය කරන බදු ඉහළ යෑම සහ රුපියලේ මිල පහත වැටීම හේතුවෙන් මෙසේ පිටි මිල ඉහළ දැමීමට සිදු වූ බව ප්‍රීමා පිටි සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (6)

තිරිඟු පිටි මිල නගී

Mahee Friday, 31 August 2018 09:26 PM

පාන් පිටි ත්‍රස්තවාදයේ නිර්මාතෘන්ට ඔන්න ආයෙත් වේදිකා දෙවනත් කරන්න පුළුවන්.

:       0       0

rocky Saturday, 01 September 2018 03:17 AM

පාන් ගෙඩියටත්, බක්කරේගේ චක්කරේ අනුව දැන් පාන් ගෙඩියේ ගාණත් තව රුපියල් 15කින් වත් ඉහළ යාවි. පාන් ගෙඩියක් හදන්න පිටි කිලෝ තුනක් විතර යනවනේ, ඒ අයගේ චක්කරේ හැටියට! ඉඳි ආප්පේ ගැන මොනවා කියන්නද? ආප්පයක් අද විකුණන ගානට අපි පුංච් සන්ධියේ ආප්ප 400ක් ගන්න පුළුවන්කම තිබුණා.. එ්ත් අද වගේ හුචක්කු නෙමේ, කබල් දෙකෙන්ම පුළුස්සපු රජ බඩු!

:       1       85

BakkareSaturday, 01 September 2018 06:29 AM

පිටිමිල වැඩිවීමෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් වැඩිවෙන්නේ රුපියල් 1.50ක් පමණයි.

:       0       0

Amal Saturday, 01 September 2018 03:31 AM

ඇයි හැමදෙයක්ම පිටරටින්ම ගෙන්වන්නේ? ස්වයංපෝෂිත රටක් කියලයි මිට අවුරුදු 10කට කලින් ඇහුවේ ඉගෙන ගන්න කාලේ.. ලංකාවේ කිසිම දෙයක් නැද්ද පිටි නිෂ්පාදනය කරන්න පුළුවන්? එසේත් නැත්නම් පිටි ගෙන්වන කොට ලැබෙන කොමිස් කුට්ටිය නැති වෙයි කියන බයෙන් මෙසේ කරනවද?

:       3       23

jayasekara Saturday, 01 September 2018 04:00 AM

ඔබට සතුටුයිද දැන්?...

:       5       80

rocky Sunday, 02 September 2018 03:36 AM

මට දැන් බොහොම සතුටුයි ඒ වගේම හරි සනීපයි. පාන් ගෙඩියේ ගාණ වැඩි වුනාම අපේ තත්වේ ඉහළ යනවා. එච්චරක්යැ ඒවා කාපුවාම යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site