IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


තිරිඟු කිලෝවක සහතික මිල මේ සතියේම තීරණය කරනවා

(මනෝජ් හර්ෂික)
 
පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් තිරිඟු පිටි කිලෝවක සහතික මිල මේ සතිය තුළම තීරණය කරන බවත්  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (09) පැවැසීය
 

අනුරාධපුර හුරුළු වැව වාරි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෘෂි මාර්ග නවීකරණ වැඩසටහන වන “ දියවර නෑයෝ ” හා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
 
"ආනයනික සහ දේශීය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ මිල තීරණ කරන ජීවන වියදම් කමිටුවේ නිර්දේශයකින් හා කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් තොරව පෞද්ගලික සමාගමක් පසුගිය දා තිරිඟු පිටි කිලෝවක මිල රු. 5කින් ඉහළ දැමීමට කටයුතු කළා. ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා ලෙස මම කිසි විටෙකත් මෙය අනුමත කරන්නේ නැහැ.
 
මීට පෙර අවස්ථාවකදී ද විදේශීය තිරිඟු පිටි මිල හා සසඳමින් ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර තිබුණා. නමුත් අපේ ජීවන වියදම් කමිටුවේ තීන්දුවකට අනුව එම මිල නැවත සංශෝධනයකට ලක් කරමින් සමාගම් විසින් වැඩි කරන ලද මුදල අඩුකළා. හෙට (10 ) දිනයේ පස්වරුවේ දී පැවැත්වෙන ජීවන වියදම් කමිටුව මඟින් තිරිඟු පිටි මිල පිළිබඳ සාකච්ඡා කr සමාගම්වල ඉල්ලීම් සළකා බලමින් මේ සතිය තුළම තිරිඟු පිටි කිලෝවක මිල තීරණය කරනවා" යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (4)

තිරිඟු කිලෝවක සහතික මිල මේ සතියේම තීරණය කරනවා

thushara indunil Monday, 09 September 2019 11:41 AM

කිඹුලා බනිස් ලාභ වෙයිද?

:       0       0

Wijaya Abeywardena Monday, 09 September 2019 12:44 PM

බුදු මහත්තයෝ දැන්ද මතක් වූණේ ඔය දේ කරන්න. අවරුදු පහක්ම කොහෙද හිටියේ. ඡන්දයට වේදිකාවට නැග කියන්න දෙයක් නැති නිසා දැන් ඔක කිය කියා බෙරිහන් දෙන්න පුළුන් නේද පළමුව වැඩ කරපු වෙලාවේ මේ තීන්දුව ගන්න තිබුණා නේද. එහෙ කළේ නැහැනේ. මොකද ඒ වෙලාවේ ඡන්දයක් තිබුණේ නැති නිසා අයතන හිමිකරුවන්ගේ පැත්තේ හිටියේ ඔබ තමා. ඔබලට ඡන්දයක් දුන්නු මම වගේ හරක් ගොඩාක් ඉන්නවා. ඒකනිසා පින්සිදු වෙයි තනකෙළවලටත් පාලන මිලක් මේ වෙලාවෙම ගේන්න

:       1       0

CHANDIMA Monday, 09 September 2019 02:27 PM

තිරිඟු හැදෙන්නේ කොහෙවත්, එව්වට සහතික මිල නියම කරන්නේ කවුරුවත්... මේ ගොල්ලන්ට වැඩ නැතිවට බයිලා කෙලිනවා. කරන්න පුළුවන් දෙයක්ද මේ..? ලංකාවේ එක තිරිඟු ඇටයක් වවන්නේ නැතුව.. පින් පඩි අරන් ඉන්න අැමැතිලාට අවුරුදු පහක් ඉඳලා පැන්ෂන් එක ගන්නකල් ඇදගෙන යන්න වැඩක් තියෙන්නත් ඕනෑනේ...

:       0       0

gamarala Monday, 09 September 2019 05:44 PM

ඔබලා ගැන ජනතාව ඉදිරියේදී තීරණය කරනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1135 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site