IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තුර්කියේ සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයින් 476 අත්ඩංගුවට

නීතිවිරෝධී ලෙස තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක‍්‍රමණිකයින් 476 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තුර්කියේ පළවන ‘‘ ආනඩෝලූ ඒජන්සි ’’ පුවත් සේවය අද  (17) වාර්තා කළේය.


එරට සිටින නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් අත්අඩංගැනීම සඳහා තුර්කි ආරක්ෂක අංශ විසින් සිදු කළ හදිසි වැටලීමකදී මෙම ලාංකිකයින් ඇතුළු සංක‍්‍රමණිකයින් අත්අඩංගුවට ගෙන ඇත.


ලාංකිකයින්ට අමතරව ඇෆ්ඝනිස්ථාන ජාතිකයින් , පකිස්ථාන ජාතිකයින් සහ සිරියානු ජාතිකයින්ද වන බව එම ඒජන්සි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේත
 
අත්අඩංගුවට ගැණුන පිරිස් තුර්කියේ වයඹදිග ප‍්‍රදේශවල බස් රථ වලින් යුරෝපයට නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වෙමින් සිටියදී අත්අඩංගුවට ගැණුනි.
 
ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධි සංක‍්‍රමණිකයින් පිරිස් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් සඳහා එරට ආගමන හා විගමන බලධාරීන් වෙත බාර දීමට පියවර ගෙන ඇත.
 
දීර්ඝ කාලයක සිට සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙකු යුරෝපා රටවලට පලා යෑම සඳහා නීතිවිරෝධි ලෙස තුර්කියට සංක‍්‍රමණය වන අතර වර්තමානයේ මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම මාර්ගය උපයෝගී කරගනිමින් නීතිවිරෝධී මිනිස් ජාවාරම සිදු කරන බවට තුර්කි රජයට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.
(125) 



අදහස් (0)

තුර්කියේ සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයින් 476 අත්ඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 254 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 398 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site