(සුජිත් හේවාජුලිගේ)
දකුණු ඉන්දීය කීර්තිමත් දේශපාලන නායකයෙකු මෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත අධ්‍යාපන ඇමැතිවරයා වන සෙන්කෝට්ටියන් මහතා ඇතුළු ඉන්දීය දූත පිරිසක් පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට අද (17) පැමිණියහ.
මොවුන් පාර්ලිමේන්තුවට පැමිණියේ කතානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනයක් අනුවය.
මේ නියෝජිත පිරිසට චෙන්නායි හිටපු පුරපති සයිදෙයි දොරේසාමි, එම්.ජි.ආර් විශ්ව විද්‍යාලයේ කුලපති ඒ.සී.ෂන්මුගම් යන මහත්වරුද ඉන්දීය ව්‍යාපාරිකයෝ පිරිසක්ද ඇතුළත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩුව (දකුණු ඉන්දියාව ) කියන්නේ පුරාණයේ සිටම අපට කරදර හිරිහැර ගෙනදුන් මිනිසුන් සිටින රටක්. එම්ජීආර්, ජයලලිතා ඇතුළු කීදෙනෙක් අපේ අනන්‍යතාවයට ප්‍රශ්න ගෙන දුන්නාද ? කොහොම උනත් මේ අය සමග ඇසුර පරිස්සමෙන් කලොත් හොඳයි වගෙයි නේද ?අපේ හාමුදුරුවන්ට පසුගිය කාලයේ තමිල්නාඩු අය පහර දුන්නා අපිට අමතක නැහැ. අපි ජාතිවාදීන් විය යුතු නැහැ. ඒත් හතුරන් සමග ඇසුර පරිස්සමින්. යටිහිත්වල මොන උපක්‍රම තියෙනවාදැයි කව්ද දන්නේ.