IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


තමන් විශ්වාස කර වැඩට එන්න’යි තැපැල් ඇමති කියයි

(මොහොමඩ් ආසික්)

 තැපැල් සේවක ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති නිසා තමන්ව විශ්වාස කර සේවයට වාර්තා කරන්නැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්.ඒ හලීම් මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටින තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.
 

තැපැල් වෘත්තිය සමතිවල මෙහෙයවීමෙන්  ඊයේ (11)  සවස සිට ක්‍රියාත්මක වී ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හලීම් මහතා මෙසේද කීය.
 
  ‘‘වෘත්තිය සමිති වැඩියෙන්ම  තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේයි. වර්ජනයක් ගැන කතා කරන කොට හැමෝගෙම මතකයට එන්නේ තැපෑලයි.
 
නමුත් අපේ රජය බලයට පත් වුණාට පස්සේ මේ සේවකයින් එතරම් වර්ජනයේ යෙදිලා හිටියේ නෑ. ඒකට හේතුව අපි ඔවුන්ගේ ඉල්ලිම් ගැන  හොයල බලල අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
 
ඇත්තටම කියනවානම් අපි පවුලක් හැටියටයි කටයුතු කරන්නේ. මම මේ අයගේ ප්‍රශ්නය පිළිගත්තා.ඒවගේම එම ගැටළු විසඳන්න  අවශ්‍ය  පියවර අරගෙන තියෙනවා. 
 
මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට යෙදී සිටින  පිරිස පසුගිය පළමුවන දා පැවැති සාකච්ඡාවට සහභාගි වුණා. මේ ප්‍රශ්නය විසඳන බව ඒ අය දන්නවා.නමුත් මොනයම් හෝ හේතුවක් නිසාදෝ මේ අය වෘත්තිය ක්‍රියාමාර්ගයට  බහින බවයි අපට  හිනෙත්නේ.  
 
එහෙම කරන්නේ නැතිව මේ ගැටළුව තව සතියකින් විසඳන්න බලාපොරොත්තු වන නිසා සේවයට වාර්තා කරන ලෙස අපේ සහෝදර නිලධාරින්ගෙන් මම ඉල්ලා  සිටිනවා.
 
අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඇති වුණ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේවා කාලාන්තරයක් තිස්සේ තිබුණ ප්‍රශ්න.අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ ප්‍රශ්න විසඳන්න යම පියවරක් අරගෙන තියෙන්නේ. 
 
නමුත් අපේ ආණ්ඩුව මේ ප්‍රශ්නය  විසඳිම  සඳහා සියලු පාර්ශව එක මේසයට ගෙනල්ලා සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තියලා සියලු දෙනා සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.‘‘



අදහස් (10)

තමන් විශ්වාස කර වැඩට එන්න’යි තැපැල් ඇමති කියයි

hewawitharana Tuesday, 12 June 2018 06:18 PM

අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව වැඩට යමල්ලා...

:       0       1

කුමාර් (ගල්ෆ්) Tuesday, 12 June 2018 06:50 PM

මේ රටට වදදෙන පිස්සු බල්ලන් ගෙදරම යවන්න.

:       0       62

Mahee Tuesday, 12 June 2018 08:27 PM

අපි ඇමතිවරුන් ගැන නම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි, මෙතන නම් බළල් අත් ක්‍රියාත්මක වෙන බව පේනවා. නැත්නම් සාකච්චා වලදී එකඟ වෙලා ගිහින් වර්ජනය කරන්නේ ඇයි?

:       0       50

Bamunuarachchi Wednesday, 13 June 2018 12:21 AM

ඔයගොල්ලෝ විශ්වාස කරලා 2015දී නාගත්තා හොඳටම ඇති. මිනිස්සු රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැත.

:       75       14

PA - RA Wednesday, 13 June 2018 02:28 AM

තැපැල් ඇමතිට; ලොකු බුද්ධිමතුන් ඉන්න ලංකාවේ ඇයි තැපැල් පාඩුයි කියන්නේ. එම දෙපාර්තමෙන්තුවේ නොහැකියාව, උනන්දුව නැතිකම, පඩිය ගත්තා ගෙදර ගියා, ආයතනය දියුණු කිරීමට කිසි කෙනෙක් ගේ ආයතනයට ආදරය,සේවය හරියට නොලැබීම. තැපැල් දෙපාර්තමේන්තුව දියුණු කිරීමට ක්‍රියාදාමයන් කොපමණ තියනවද ? තැපැල් මලු සහ පාර්සල් විතරක් නොවේ .

:       0       0

Ranga Wednesday, 13 June 2018 06:06 AM

මේ ආණ්ඩුවේ ඉන්න කාවවත් මිනිස්සු විශ්වාස කරන්නේ නැති කොට කවුද ඔබතුමාව විශ්වාස කරන්නේ?

:       0       0

rocky Wednesday, 13 June 2018 06:21 AM

විස්වාස කොරන්න පුළුවන් දේශපාලන ලොක්කෝ හිටියේ ඉස්සර කාලේ. ඔයිට වඩා මේ විධායකේ අවලංගු කොරනවා කියලා කී දෙනෙක් පොරොන්දු වුනාද? මේ කාලේ එක දෙශපාලුවෙක් වත් තඹේකට විස්වාස කොරන්න බැහැ.

:       0       0

kauda Wednesday, 13 June 2018 07:23 AM

අනේ අනුකම්පා කර වැඩට පැමිනෙන්න.

:       0       0

lalithsjm Wednesday, 13 June 2018 08:18 AM

යන්නනම් එපා... පස්සේ මතක නෑ කියයි.

:       0       0

kalani Thursday, 14 June 2018 07:49 AM

නව විද්‍යාත්මක තාක්ෂණික දියුණුව සමඟ සන්නිවේදන පහසුකම් සරල සහ බහුලවීම නිසා තැපෑලේ කටයුතු ක්ෂයවෙමින් පවතියි. තැපෑල හා බැඳී ජාතික ඉතිරි කිරීමේ අංශය ජා.ඉ .බැංකුව වෙත පැවරුණා. විදුලි සංදේශ අංශය ටෙලිකොම් නමින් වෙන්වුනා. ජංගම දුරකථන නිසා ලිපියක් ලිවිම අනවශ්‍ය දෙයක් . අඩුම තරමින් පෙම්වතුන් පෙම්වතියන් ලියුමක් ලියන්නේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික අංශ තම ලිපි හුවමාරු අන්තර්ජාලය හරහා ඉටුකර ගනී. තැපෑලේ ස්වභාවය එයයි. පඩිය රැගෙන ගෙදර යාම කෙසේවෙතත් මග නැසීමට සිදුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි
2024 ජුලි මස 16 230 0

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විප


ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
2024 ජුලි මස 16 270 0

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනප


වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි
2024 ජුලි මස 16 818 0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් ස


ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 1523 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 952 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 629 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 97 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1823 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site