IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තැපැල් වර්ජනය අස්සේ තැපැල් කාර්යාල තුනක් වැඩ

(සනත් ගමගේ)

රටපුරා තැපැල් වර්ජනයක් සිදු වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ  අම්බලන්තොට,තිස්සමහාරාමය සහ තංගල්ල යන ප්‍රධාන තැපැල් කාර්යාලවල අද (27) දහවල් වනතෙක් රාජකාරී කටයුතු සිදුවන බව හම්බන්තොට ප්‍රදේශිය තැපැල් අධීකාරී නාලක මනුකුලසූරිය මහතා කියයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල 96 ක් තිබෙන අතර ඒ සියල්ල වසා දමා ඇති බවත්  ප්‍රධාන තැපැල් කාර්යාල 21 න් තුනක් අද දහවල් වන තෙක් රාජකාරී කටයුතු සිදු කරන බවත් ඒ මහතා පවසයි.

සවස් කාලයේ තත්ත්වය කෙසේවේදැයි කිව නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කරයි.අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සියලු සේවකයින් සේවයට වාර්තා කර ඇති බවත් ගැටළුවකින් තොරව මහජනතාවට අවශ්‍ය සේවය සලසා දෙන බවත් අම්බලන්තොට තැපැල් ස්ථානාධිපතිවරයා කිය.



අදහස් (3)

තැපැල් වර්ජනය අස්සේ තැපැල් කාර්යාල තුනක් වැඩ

Kalyana Jayawardena Tuesday, 27 June 2017 09:25 AM

ඕනෑම සටනක පාවාදෙන්නවුන් සිටිනවා. පුදුමය නම් හම්බන්තොට ප්‍රාදේශීය තැපැල් අධිකාරි තම පාවාදීම ගැන උජාරුවෙන් කතා කිරීමයි.

:       16       1

කළු බල්ලා Tuesday, 27 June 2017 10:07 AM

පාවා දෙන්නෝ......

:       12       0

sampath liyanage Tuesday, 27 June 2017 11:49 AM

තැපැල් සේවකයින්ගේ 2006සිට නොවිසිදී ඈති බරපතල ගැටලුවලට හා මහඡන දේපල විදේශිය කොම්පැනී වලට එරෙහිව ලංකුවෙ සියලු තැපැල් කුර්යාල වැඩවර්ඡනයට එක්වී සිටියදීඇරපු කාර්යාල තුනක් ගැන කතාකිරීම විහිලුවකි. මෙම කාර්යාල තුනද මේ වෙන කොට වර්ඡනයට සහාය පලකර වසාදමාඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site